Coss Ear2
lakbima.lk
COSS Ear 1

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 124ක ජයක් වාර්තා කළ එංගලන්තය 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ මොයින් අලී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 369ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දුවාර 39.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 245ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් මොයින් අලී පන්දු 57කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සහිතව වේගවත් ලකුණු 102ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 84ක්ද බෙන් ස්ටෝක්ස් ලකුණු 73ක්ද වාර්තා කළහ.

මිගුවෙල් කමින්ස් ලකුණු 82ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 81ට කඩුලු 2ක් බිඳ හෙළීය.
කොදෙව් වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 78කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සහිතව ලකුණු 94ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.

එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ප්ලන්කට් ලකුණු 52ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, අදිල් රෂීඩ් ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-
එංගලන්තය පන්දුවාර 50දී - 369/9යි
මොයින් අලී 102, ජෝ රූට් 84, බෙන් ස්ටෝක්ස් 73, ඇලෙක්ස් හේල්ස් 36, ක්‍රිස් වෝක්ස් 34, මිගුවෙල් කමින්ස් 82/3, ජේසන් හෝල්ඩර් 81/2
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 39.1කදී - 245යි
ක්‍රිස් ගේල් 94, ජේසන් මොහොමඩ් 38, ජේසන් හෝල්ඩර් 34, ලියම් ප්ලන්කට් 52/5, අදිල් රෂීඩ් 34/3

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර හොල්කා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දියාව තවත් තරග 2ක් ඉදිරිව තිබියදීම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 78ක් සහ එක් කඩුල්ලක් බිඳ දැමූ හර්දික් පාන්ඩ්යා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව අරොන් ෆින්ච්ගේ ශතකය හේතුවෙන් පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 293ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 47.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 294ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වන අජින්ක්යා රහානේ (70) සහ රෝහිත්
ෂර්මා (71) පළමු කඩුල්ලට ලකුණු 139ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, හර්දික් පාන්ඩ්යා පන්දු 72කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 78ක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අරොන් ෆින්ච් පන්දු 125කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 124ක් රැස් කළ අතර, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 63ක් රැස් කළේය.
ජස්ප්‍රිට් බුම්රා සහ කුල්දීප් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී - 293/6යි
වෝනර් 42, ෆින්ච් 124, ස්මිත් 63, ස්ටොනිස් (නොදැවී) 27, බුම්රා 52/2, කුල්දීප් යදාව් 75/2, චහාල් 54/1, පාන්ඩ්යා 58/1
ඉන්දියාව පන්දුවාර 47.5 කදී - 294/5යි
රහානේ 70, ෂර්මා 71, කෝලි 28, පාන්ඩ්යා 78, මනිෂ් පාන්ඩේ (නොදැවී) 36, කමින්ස් 54/2, කෝල්ටර්නයිල් 58/1, රිචඩ්සන් 45/1, අගාර් 71/1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඊයේ (24දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.
නායක දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන් සමග සමූහ නිල ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයෙන් පිටත්ව ගියහ.
පාකිස්තානු තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විශාල අභියෝගයක් බවත්, කණ්ඩායමක් විදිහට එම අභියෝගය භාර ගැනීමට සියලුම ක්‍රීඩකයන් සූදානම් බවයි. 
පසුගිය අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කර යම් අත්දැකීමක් ලබාගත් බව පැවැසූ චන්දිමාල් විදුලි ආලෝක මධ්‍යයේ පුහුණුවීම් සිදුකළ බවද සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දුන් චන්දිමාල් පවසා සිටියේ ඉන්දීය තරගාවලිය ඉතා අපහසු තරගාවලියක් වුවද, කණ්ඩායමක් ලෙස විශාල අත්දැකීමක් ඉන් ලබාගත් බවයි. 
ඉන්දීය තරගාවලියේදී සිදුවූ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගෙන පාකිස්තානු තරගාවලියට මුහුණ දීමට සියලුම ක්‍රීඩකයන් සූදානමෙන් පසුවන බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පිලට පරාජිත මාවතෙන් මිදී ජයග්‍රාහී මාවතට පිවිසීමට එක් තරග ජයග්‍රහණයක් අවශ්‍ය බවත්, එම ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් කැපවීමෙන් ක්‍රීඩා කරන බවත් නායක චන්දිමාල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 28දා අබුඩාබි හිදී ආරම්භ කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6දා ඩුබායිහිදී ආරම්භවේ.
 
ප්‍රභාත් විදානපතිරණ 
ඡායාරූප :-මලිත් ගමගේ

29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ මැරතන් තරග ජය ගැනීමට ඩී.ජී.ඩී. සඳරුවන් (කළුතර) සහ පී.ඕ. නිලානි ප්‍රියදර්ශනී (කෑගල්ල) සමත් වූහ.

අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැති කිලෝ මීටර් 42.195ක දුරකින් යුත් පිරිමි මැරතන්  තරගය පැය 2 වි. 37 තත්. 08 ක කාලයක් වාර්තා කළ ඩී.ජී.ඩී. සඳරුවන් (කළුතර) ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, කිලෝමීටර් 21.097ක දුරකින් යුත් කාන්තා අර්ධ මැරතන් තරගය පැය 1 වි. 29 තත්. 45ක කාලයකින් නිමා කළ පී.ඕ. නිලානි ප්‍රියදර්ශනී (කෑගල්ල) ප්‍රථම ස්ථානය දිනාගත්තාය.

මැරතන් තරග ප්‍රතිඵල
පිරිමි :- 1. ඩී.ජී.ඩී. සඳරුවන් - කළුතර (පැය 2 වි. 37 තත්. 08), 2.  එස්.එම්.ජේ. පත්මකුමාර - මොණරාගල (පැය 2 වි. 42 තත්. 22), 3. කේ.එම්.ජේ.පී. විජේරත්න - අනුරාධපුර (පැය 2 වි. 46 තත්. 08)
කාන්තා :- 1. පී.ඕ. නිලානි ප්‍රියදර්ශනී - කෑගල්ල (පැය 1 වි. 29 තත්. 45), 2. එම්.ජී. බුද්ධිකා - ගම්පහ (පැය 1 වි. 29 තත්. 57), 3. ඒ.එස්. නිසංසලා බණ්ඩාර - කෑගල්ල (පැය 1 වි. 34 තත්. 38)

තරග ඇවිදීම
පසුගිය 16දා අනුරාධපුර නගරයේදීම පැවැති 29 වැනි යෞවන ක්‍රීඩා උළෙ‍ලේ අවු. 20න් ඉහළ කාන්තා තරග ඇවිදීමේ ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට (වි. 24.26) කළුතර දිස්ත්‍රික්කයේ කල්හාරි මද්‍රිකා සමත් වූවාය.
මේ අනුව 2015 වසරේදී ඇය විසින්ම පිහිටුවා තිබූ (වි. 25.25) වාර්තාව බිඳ වැටුණි.
මෙවර යෞවන ක්‍රීඩා උළෙ‍ලේ තරග ඇවිදීමේ ඉසව් අවු. 20න් පහළ, 20න් ඉහළ පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ 4ක් යටතේ පැවැත්විණි.

මෙම තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා නෙස්ටොමෝල්ට් අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයින් කටයුතු යොදා තිබුණි.

තරග ඇවිදීමේ ප්‍රතිඵල
අවු. 20න් පහළ බාලිකා (මීටර 5000)
1. ජී.එන්. වීරසිංහ - මහනුවර (වි. 29 තත්. 42), 2. ඒ.ඊ. සෙනෙවිරත්න - බදුල්ල (වි. 29 තත්. 48), 3. ඒ.එම්.ඩී. ලක්ෂිකා ‍පොළොන්නරුව (වි. 29 තත්. 54)
අවු. 20න් ඉහළ කාන්තා (මීටර් 5000)
1. කල්හාරි මද්‍රිකා - කළුතර (වි. 24 තත්. 26 - නව තරග වාර්තාවකි), 2. එච්.එච්.ටී. මධුෂිකා - මාතර (වි. 28 තත්. 12), 3. ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති - මොණරාගල (වි. 29. තත්.46)
අවු. 20න් පහළ බාලක (මීටර් 10,000)
1. එච්.එන්.ඒ. රත්නායක - ගම්පහ (වි. 54 තත්. 39), 2.සී.අයි. සෝමසූරිය - මාත‍ලේ (වි. 55 තත්. 58), 3. සත්සර වීරසිංහ - කළුතර (වි. 58 තත්. 54)
අවු. 20න් ඉහළ පිරිමි (මීටර් 10000)
1. එස්.එස්. දුණුකර  - ‍පොළොන්නරුව (වි. 48 තත්. 50), 2. ළහිරු දුලාන් - ගාල්ල (වි. 50 තත්. 16), 3. කේ.ඒ.අයි. ප්‍රසාද් මාතර (වි. 50. තත්. 55)        
                           
(පමෝද්)

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 7ට ලකුණු 281ක් ලබාගත් අතර, වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21කදී ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට ලබාගත හැකිවූයේ කඩුලු 9ට ලකුණු 137ක් පමණි.
ඉන්දියාවේ කඩුලු 5ක් ලකුණු 87ක් තුළ බිඳ වැටී තිබුණද පිටියේ එක්වූ එම්.එස්. දෝනි සහ හාර්දික් පාන්ඩ්යා විශිෂ්ට
පිතිහරඹයක නිරත වෙමින් ඉන්දීය ඉනිම ගොඩනැංවීමට සමත් වූහ.
පාන්ඩ්යා පන්දු 66කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 83ක් ලැබූ අතර, දෝනි පන්දු 88කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 79ක් ලබා ගත්තේය.
 
ලකුණු තත්ත්වය:- 
ඉන්දියාව පන්දුවාර 50 දී 281/7
කෙදර් ජදාව් 40, දෝනි 79, පාණ්ඩ්යා 83, බුවනේෂ්වර් කුමාර් නොදැවී 32, කෝල්ටර්නයිල් 44/3, ස්ටොයිනිස් 54/2
ඕස්ට්‍රේලියාව පන්දුවාර 21දී - 137/9යි
මැක්ස්වෙල් 39, ෆෝල්ක්නර් නොදැවී 32, චහාල් 30/3, කුල්දීප් යදාව් 33/2, පාන්ඩ්යා 28/2

thisara

ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ක්‍රිකට් පිල අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ ලෝක පිල තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මෙම තරගයේදී ලෝක පි‍ලේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 174ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක පිල පන්දුවාර 19.5කදී කඩුලු 3ට ලකුණු 175ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹා යාමේදී ලෝක පි‍ලේ ආරම්භක පිතිකරු යුගලය වූ හෂීම් අම්ලා සහ තමීම් ඉක්බාල් පළමු කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, ඉක්බාල් ලකුණු 23කට සොහේල් ඛාන් හමුවේ පිටියෙන් ඉවත් විය.
ලෝක පි‍ලේ කඩුලු 3ක් ලකුණු 106ක් තුළ බිඳ වැටී තිබියදී හෂීම් අම්ලාට එක්වූ තිසර පෙරේරා සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 69ක සම්බන්ධතාවක් තබමින් ජය තහවුරු කළහ.
සොහෙල් ඛාන් යැවූ 19 වැනි පන්දු වාරයේදී තිසර පෙරේරා ලකුණු 20ක් රැස් කිරීමත් සමගම ලෝක පිලට අවසන් පන්දු වාරයේදී ලකුණු 13ක ඉලක්කයක් හිමිවිය.
අවසන් පන්දු දෙකේදී ලෝක පි‍ලේ ජයග්‍රහණයට ලකුණු 6ක් අවශ්‍යව තිබියදී 5 වැනි පන්දුවේදී තිසර පෙරේරා එල්ල කළ හයේ පහරින් ලෝක පි‍ලේ ජය තහවුරු විය.
හෂීම් අම්ලා පන්දු 55කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 72ක්ද, තිසර පෙරේරා පන්දු 19කදී හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 47ක්ද වාර්තා කළහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය වෙනුවෙන් අහමඩ් ෂෙෂාඩ් (43), බාබර් අසාම් (45) සහ ෂොයබේ මලික් (39) පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලෝක පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා ලකුණු 23ට කඩුලු 2ක්ද, සැමුවෙල් බද්රි ලකුණු 31ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
තරගාවලි ජය තීරණය කෙරෙන තෙවැනි සහ අවසන් 20-20 තරගය අද රාත්‍රියේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 20දී - 174/6යි
ෆකාර් සමාන් 21, අහමඩ් ෂෙෂාඩ් 43, බාබර් අසාම් 45, ෂොයබේ මලික් 39, ඉමාඩ් වසීම් 15, තිසර පෙරේරා 23/2, සැමුවෙල් බද්රි 31/2, බෙන් කටන් 52/1, ඉම්රාන් තහීර් 29/1
ලෝක ක්‍රිකට් පිල පන්දුවාර 19.5කදී - 175/3යි
තමීම් ඉක්බාල් 23, හෂීම් අම්ලා නොදැවී 72, ටිම් පේන් 10, ඩුප්ලෙසිස් 20, තිසර පෙරේරා නොදැවී 47

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.