Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කඬුළු 7කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය.

හසන් අලීගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 208කට සීමා විය.
 
ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඬුළු 3ක් දැවී පන්දුවාර 42 පන්දු තුනකදී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය. 
 
ඒ අනුව තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට පකිස්තානයට හැකි විය.
 
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළද යළිත් පිතිකරුවන්ගේ අසාර්ථක භාවය නිසා ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට අසමත් විය. 
 
ඉන් උපරිම ප්‍රයෝජන ගත් හසන් අලී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34කට කඩුලු 5ක් බිඳ හෙළා ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් කළේය.
 
මෙම දස්කමත් සමගම හසන් අලී 2017 වසරේ වැඩිම එක්දින කඩුලු ලැබූ පන්දු යවන්නා බවටද පත්විය.

පාකිස්තාන් ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයවූවද නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශ්‍රී ලංකා එක්දින තරග වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ ඉනිම පුරාම නොදැවී සිටි  පළවන ආරම්භක පිතිකරුවා ලෙස උපුල් තරංග වාර්තා පොතට එක්විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති දෙවන එක්දින තරගය ලකුණු 32 න් ජය ලැබීමට පාකිස්තානය සමත්විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය මුලින්ම පන්දුවට පහර දුන් අතර සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ට ලකුණු 219 ක් ලබා ගත්තේය.

බාබර් අසාම් ලකුණු 101 ක් ලබා ගත් අතර පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු ගමගේ 57/4 දවාගත්තේය. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් තුළ සියළු ක්‍රීඩකයින් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 187 ක් පමණි. හුදකලා සටනක නිතරතවූ උපුල් තරංග පන්දු 144 තුළ ලකුණු 112 නොදැවී ලබා ගත්තේය.

තරග 5 කින් යුත් තරගාවලිය 2 -0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට මේ වන විට පාකිස්තානය සමත්ව සිටී.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ජේසන් බෙරෙන්ඩේ‍රා්ෆ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ලකුණු 118කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 15.3කදී කඩුලු 2ක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ජේසන් බෙරෙන්ඩේ‍රා්ෆ් පන්දුවාර 4දී ලකුණු 21ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ඇඩම් සම්පා ලකුණු 19කට කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගළය වූ අරොන් ෆින්ච් (8) සහ ඩේවිඩ් වෝනර් (2) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද ඉන් පසු පිටියේ එක්වූ මොයිසස් හෙන්රිකස් සහ  ටේ‍රවිස් හෙඩ් තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 109ක විශිෂ්ට සම්බන්ධතාවක් තබමින් ඕස්ට්‍රේලියානු ජය තහවුරු කළහ.
හෙන්රිකස් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, ටේ‍රවිස් හෙඩ් පන්දු 34කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48ක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන් අතර, කෙදර් ජදාව් (27) සහ හර්දික් පාන්ඩ්යා (25) ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූහ.
 
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 20දී සියලු දෙනා දැවී - 118යි
ෂර්මා 8, ධවාන් 2, කෝලි 0, මනිෂ් පාණ්ඩේ 6, ජදාව් 27, දෝනි 13, පාන්ඩ්යා 25, බුවනේෂ්වර් 1, කුල්දීප් යදාව් 16, බුම්රා 7, චහාල් 3,  බෙරෙන්ඩේ‍රා්ෆ් 21/4, ඇඩම් සම්පා 19/2
ඕස්ට්‍රේලියාව පන්දුවාර 15.3කදී - 122/2යි
ෆින්ච් 8, වෝනර් 2, හෙන්රිකස් 62, හෙඩ් 48

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව පළමු දිවා රාත්‍රී ටෙස්ට් ජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පළමු ටෙස්ට් තරගාවලි ජය හිමිකර ගනිමින් ඉතිහාසයට එක්විය.
මෙම තරගාවලියේ අබුඩාබිහි පැවැති පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙවැනි තරගයෙන් ලකුණු 68ක ජයක් ලබමින් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 96කට සීමා වූ අතර, ලකුණු 317ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 248ක් පමණි.
මේ අනුව ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත් වූ අතර, ආරක්ෂක හේතූන් මත පාකිස්තානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමෙන් පසු ලැබූ පළමු ටෙස්ට් තරගාවලි පරාජයද මෙය වෙයි.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිය පළමු දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයේදීම ජය වාර්තා කරමින් ඉතිහාසයට එක්විය. 
තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සෆ්රාස් අහමඩ් සහ අසාඩ් ෂෆීක් ලකුණු 148ක නොබිඳුණු සම්බන්ධතාවක් තබමින් පාකිස්තානු බලා‍පොරොත්තු ඉහළ නැංවූ නමුත් ඊයේ පෙරවරුවේ දිල්රුවන් පෙරේරා සෆ්රාස් අහමඩ් ලකුණු 68කට දවා ගැනීමත් සමගම තරගය ශ්‍රී ලංකාව දෙසට හැරුණි. 
ඉන්පසු පිටියට පිවිසි මොහොමඩ් අමීර් ලකුණු 4කට දවා ගැනීමට සමත් වූ දිල්රුවන් ඉනිමකදී කඩුලු 5ක් දවා ගැනීම සනිටුහන් කළේය.
ඉන්පසු යසීර් ෂා රංගනගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් අසාඩ් ෂෆීක් එක් අන්තයක තනි විය.
හුදෙකලා සටනක නිරත වෙමින් ශතකයක් වාර්තා කළ අසාඩ් ෂෆීක් සුරංග ලක්මාල් හමුවේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ ලකුණු 112කට දැවී යාමත් සමගම පාකිස්තානු සටන අවසන් විය.
ෂෆීක් පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහිතව සිය 11 වැනි ශතකය වාර්තා කර තිබුණි.
රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ වහාබ් රියාස් ලබාදුන් උඩ පන්දුව නායක දිනේෂ් චන්දිමාල් රැක ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජය හිමිවිය. 
පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් පෙරේරා ඉනිම දෙකේදී ලකුණු 170කට කඩුලු 8ක් බිඳ හෙලූ අතර, රංගන හේරත් ඉනිම දෙකේදී ලකුණු 141කට කඩුලු 5ක් බිඳ හෙළීය. 
මෙම තරගයේ මුල් ඉනිමේදී ලකුණු 196ක් ලබමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් මූලික අඩිතාලම දැමූ දිමුත් කරුණාරත්න තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දිනා ගත්තේය.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන 33වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ අවුරුදු 20න් පහළ බාලක රග්බි ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
අවසන් මහ තරගයේදී ඉසිපතන හමුවේ ලකුණු 31-05කින් ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය ලැබිය.
ඉසිපතන ගෝල 3ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබාගත් අතර, විද්‍යා විදුහල එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල දිනාගත් අතර, තෙවැනි ස්ථානය මොරටු මහා විදුහල සතුවිය.
ඉසිපතන විදුහ‍ලේ පී.ඩබ්ලිව්. නදීෂ චමින්ද දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ මේ වන විට අවසන්ව ඇති කණ්ඩායම් තරග ප්‍රතිඵල පහත දැක්වේ.

දැල්පන්දු
අවු. 16න් පහළ බාලිකා
1. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 2. කොළඹ විශාඛා විදුහල, 3. කුරුණෑගල මලියදේ බාලිකා විදුහල
අවු. 18න් පහළ බාලිකා
1. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 2. කොළඹ විශාඛා විදුහල, 3. කළුතර බාලිකාව
අවු. 20න් පහළ බාලිකා
1. දෙහිවල පේ‍රස්බිටීරියන් බාලිකාව, 2. කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, 3. කොළඹ විශාඛා විදුහල
දක්ෂතම ක්‍රීඩිකාව :- රෂ්මි දිව්‍යාංජලී (දෙහිවල පේ‍රස්බිටීරියන්)

බැඩ්මින්ටන්
අවු. 17න් පහළ බාලක
1. අම්බලන්ගොඩ ධර්මාශෝක, 2. ගාල්ල රිච්මන්ඩ්, 3. කොළඹ නාලන්දා
අවු. 17න් පහළ බාලිකා
1. කොළඹ මියුසියස් විදුහල, 2. කොළඹ විශාඛා විදුහල, 3. නුගේගොඩ අනුලා විදුහල
අවු. 20න් පහළ බාලක
1. කොළඹ ආනන්ද විදුහල, 2, කොළඹ නාලන්දා විදුහල, 3. කොළඹ රාජකීය විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. කොළඹ විශාකා විදුහල, 2. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල 3. කොළඹ මියුසියස් විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- රන්තුෂ්ක සසිඳු (නාලන්දා විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව :- හෂිනි අම්බලන්ගොඩ (විශාකා විදුහල)

සැහැල්ලු පන්දු ක්‍රිකට්
බාලක
1. පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය, 2. පුත්තලම කල්පිටිය නිර්මල මාතා සිංහල මහා විද්‍යාලය, 3. බලංගොඩ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහා විද්‍යාලය
බාලිකා
1. රත්ගම දේවපතිරාජ විද්‍යාලය, 2. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය, 3. වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය

වෙරළ වොලිබෝල්
අවු. 20න් පහළ බාලක
1. සීදූව දවිසමර විදුහල, 2. වවුනියාව සිරි සුමන ම.වි., 3. යාපනය කොන්ඩලාරු දමිල ම.වි.
අවු. 2න් පළ බාලිකා
1. ආනමඩුව මහා විදුහල, 2. හලාවත වෑකඩ මහ විදුහල, 3. දෙනියාය මහා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- මිහිරංග උදයකුමාර (සීදූව දවිසමර)
දක්ෂතම ක්‍රීඩිකාව :- තරුෂි අයෝද්‍යා (ආනමඩුව ම.වි.)

ඇරොබික් ජිම්නාස්ටික්
බාලක
1. හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල, 2. ‍පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විදුහල, 3. නුගේගොඩ ශා. ජෝන් විදුහල
බාලිකා
1. කඩවත මහාමායා බාලිකා විදුහල, 2. හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල, 3. කොළඹ විශාඛා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- එම්. හරිත් ප්‍රමුදිත (රිච්මන්ඩ්)
දක්ෂතම ක්‍රීඩිකාව :- එස්. චූලනී කෞෂල්‍යා (හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල)

මල්ලව‍පොර
1. වලල ඒ. රත්නායක විදුහල, 2. මොරටුව වේල්ස් කුමර විදුහල, 3. දෙමටගොඩ වේළුවන විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- එම්.ජී.පී. බිම්සර (වලල ඒ. රත්නායක)

තේ‍රා්බෝල්
අවු. 17න් පහළ බාලක
1. වැල්ලවාය ජේ.එම්. කුමාරදාස මහා විදුහල, 2. කුරුවිට එරත්න මහා විදුහල, 3. කෑගලු විද්‍යාලය
අවු. 17න් පහළ බාලිකා
1. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, 2. මාතර තෙලිජ්ජවිල මහා විදුහල, 3. වැල්ලවාය ජේ.එම්. කුමාරදාස මහා විදුහල
අවු. 20න් පහළ බාලක
1. කුරුවිට මධ්‍ය විද්‍යාලය, 2. හොරණ ශ්‍රීපාලි විදුහල, 3. යාපනය යූනියන් විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, 2. යාපනය යූනියන් විදුහල, 3. කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- ඩබ්ලිව්.ඩී.එස්.එම්. අබේරත්න (කුරුවිට මධ්‍ය විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව :- අෂිනි මධුෂානි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)


ප්‍රභාත් විදානපතිරණ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.