Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටාහි පැවැති කල්කටා නයිට්රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ කල්කටා තවදුරටත් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය රැක ගැනීමට සමත් විය. 
මේ වන විට කල්කටා තරග 13කදී තරග 7ක් ජයගෙන ලකුණු 14ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, පරාජිත රාජස්ථාන් රෝයල්ස් තරග 13කදී තරග 6ක් ජයගෙන ලකුණු 12ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙයි. තරග 12ක් ක්‍රීඩා කර ලකුණු 18ක් ලබා සිටින හයිද්‍රාබාද් පළමු ස්ථානයේත්, ලකුණු 16ක් ලබා සිටින චෙන්නායි දෙවැනි ස්ථානයේත් පසුවෙයි.
කල්කටා-රාජස්ථාන් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 19කදී ලකුණු 142කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 18කදී කඩුලු 4ක් දැවී ලකුණු 145ක් රැස් කළේය.
කල්කටා වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20ට කඩුලු 4ක් බිඳ හෙලූ කුල්දීප් යදාව් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :- 
රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 19කදී - 142යි
ත්‍රිපාති 27, බට්ලර් 39, ජයදේව් උනද්කට් 26, කුල්දීප් යදාව් 20/4, ප්‍රසිද් ක්‍රිෂ්ණා 35/2, ඔන්ඩේ්‍ර රසල් 13/2
 
කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 18කදී - 145/4යි
නාරයින් 21, ක්‍රිස් ලින් 45, නිතිෂ් රානා 21, දිනේෂ් කාර්තික් (නොදැවී) 41, ඔන්ඩේ්‍ර රසල් (නොදැවී) 11, ස්ටෝක්ස් 15/3, ඉෂ් සෝඩි 21/1

ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අයර්ලන්තය ඩබ්ලින්හිදී පාකිස්තානය හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබිය.
තරගයේ අවසන් දිනයේදී පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් එම ඉලක්කය කඩුලු 5ක් දැවී පසු කළේය.
අයර්ලන්ත මුල් ඉනිම ලකුණු 130කට සීමා වීම හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 180ක ඉලක්කයක් හිමිවූ අතර, එහිදී විශිෂ්ට ශතකයක් රැස් කරමින් කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගත් කෙවින් ඕබ්‍රයන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.
මොහොමඩ් අබ්බාස් කඩුලු 4ක්ද, ෂඩාබ් ඛාන් කඩුලු 3ක් සහ මොහොමඩ් අමීර් කඩුලු 2ක්ද බිඳ හෙළමින් අයර්ලන්ත මුල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වූහ.
යළිත් පන්දුවෙන් දස්ක්ම් දැක්වූ මොහොමඩ් අබ්බාස් අයර්ලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙලූ අතර, මොහොමඩ් අමීර් කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලු 3ක් ලකුණු 14ක් තුළ බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉමාම් උල්හක් නොදැවී ලකුණු 74ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුණු 59ක් රැස් කළේය.
 
ලකුණු තත්ත්වය :-
පාකිස්තානය මුල් ඉනිම - 310/9යි
හැරිස් සොහෙල් 31, අසාඩ් ෂෆීක් 62, ෂඩාබ් ඛාන් 55, ෆාහිම් අෂ්රෆ් 83, ටිම් මුර්ටාග් 45/4, ස්ටුවර්ට් තොම්ප්සන් 62/3, බොයෙඩ් රැන්කින් 75/2
අයර්ලන්තය මුල් ඉනිම - 130යි
කෙවින් ඕබ්‍රයන් 40, ගැරී විල්සන් (නොදැවී) 33, මොහොමඩ් අබ්බාස් 44/4, 
ෂඩාබ් ඛාන් 31/3, මොහොමඩ් අමීර් 9/2
අයර්ලන්තය දෙවැනි ඉනිම - 339යි
එඩ් ජෝයිස් 43, විලියම් ‍පොටර්ෆීල්ඩ් 32, කෙවින් ඕබ්‍රයන් 118, ස්ටුවර්ට් තොම්ප්සන් 53, මොහොමඩ් අබ්බාස් 66/5, මොහොමඩ් අමීර් 63/3
 
පාකිස්තානය දෙවැනි ඉනිම - 160/5යි
ඉමාම් උල්හක් (නොදැවී) 74, බාබර් අසාම් 59, ටිම් මුර්ටාග් 55/2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දෝරේහි පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් පන්ජාබ් අතර තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබූ රෝයල් චැලෙන්ජර්ස් 5 වැනි ජය වාර්තා කිරීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් කිංග්ස් පන්ජාබ් පන්දුවාර 15.1කදී ලකුණු 88කට දැවී ගිය අතර, රෝයල් චැලෙන්ජර්ස් පන්දුවාර 8.1කදී කිසිවකු නොදැවී ලකුණු 92ක් ලබමින් පහසු ජයක් වාර්තා කළේය.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමන් ලකුණු 23ට කඩුලු 3ක් බිඳ හෙලූ උමේෂ් යදාව් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් ෆින්ච් ලකුණු 26ක්ද, රාහුල් ලකුණු 21ක්ද, ගේල් ලකුණු 18ක්ද ලබාගත් අතර සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
ලකුණු හඹා යාමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් වාර්තා කිරීමට විරාත් කෝලි සහ පාර්තිව් පටෙල් සමත් වූ අතර, කෝලි නොදැවී ලකුණු 48ක්ද, පටෙල් නොදැවී ලකුණු 40ක්ද වාර්තා කළේය.
 
ලකුණු තත්ත්වය :-
කිංග්ස් පන්ජාබ් පන්දුවාර 15.1කදී - 88යි
ලෝකේෂ් රාහුල් 21, ක්‍රිස් ගේල් 18, ආරොන් ෆින්ච් 26, උමේෂ් යදාව් 23/3, චහාල් 6/1, ග්‍රෑන්ඩ්හෝම් 8/1, සිරාජ් 17/1, මොයින් අලී 13/1
රෝයල් චැලෙන්ජර්ස් පන්දුවාර 8.1කදී කිසිවකු නොදැවී 92යි
විරාත් කෝලි (නොදැවී) 48, පාර්තිව් පටෙල් (නොදැවී) 40

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි දිනයට අදාළ තීරණාත්මක තරග දෙකක් අද (14දා) පැවැත්වේ.
මේ අනුව ලකුණු සටහනේ පළමු තැන හිමිකර ගැනීමට ගාල්ල සහ දඹුල්ල අතර තීරණාත්මක තරගය අද පී. සරා පිටියේදී පැවැත්වෙන අතර, කොළඹ සහ මහනුවර අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත්ව ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ දඹුල්ල ඉන්පසු පැවැති තරග දෙකම ප්‍රසාද ලකුණද සමග ජය ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණු අතර, ගාල්ල තවදුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත් වී සිටියි.
මතෛක් පැවැති තරග හතරෙන් තරග 3ක් ජයගත් ගාල්ල ලකුණු 13ක් සමගින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, තරග 4න් 2ක් ජයගත් දඹුල්ල ලකුණු 10ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගාවලියේ පළමු තරග දෙක ජයගත් කොළඹ අවසන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ලකුණු 8ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, තරග 4න් එක් තරගයක් පමණක් ජයගත් මහනුවර ලකුණු 4ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
සිව්වැනි දිනයට අදාළ තරග යටතේ පී. සරා පිටියේ පැවැති තරගයේදී ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ගල්ල හමුවේ අවසන් ස්ථානයේ පසු වූ මහනුවර කඩුලු 3කින් පරාජය ලැබිය.
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ කොළඹ කඩුලු 6කින් පරාජය කිරීමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ දඹුල්ල සමත් විය.
මෙම තරගවලදී ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් නායක උපුල් තරංග ලකුණු 127ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට (ලකුණු 215ක්) පත්විය.
ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම්  දක්වමින් කඩුලු 4ක් බිඳහෙලූ මලින්ද පුෂ්පකුමාර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට (කඩුලු 9) පත්විය.
දඹුල්ල ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි පන්දු 83කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 96ක් රැස් කළේය.

 
පමෝද් ලසන්ත

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලිහිදී පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමත් විය.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් පන්දු 37කදී හතරේ පහර 4ක් හ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකණු 72ක් රැස් කළ ඒ.බි. ඩිවිලියර්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 181ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දවාර 19කදී කඩුලු 5ට ලකුණු 187ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී පන්දු 40කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 70ක් රැස් කිරීමට බැංගලෝර් නායක විරාත් කෝලි සමත් වූ අතර, කෝලි සහ ඩිවිලියර්ස් අතර තෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 118ක් ලෙස වාර්තා විය.
 
ලකුණු තත්ත්වය :-
දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 20දී - 181/4යි
ශ්‍රියාස් අයියර් 32, රිෂාබ් පන්ට් 61, විජේ ශංකර් (නොදැවී) 21, අභිෂේක් ෂර්මා (නොදැවී) 46, චහාල් 28/2, මොයින් අලී 25/1, සිරාජ් 46/1
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 19දී - 187/5යි
විරාත් කෝලි 70, ඒ.බි. ඩිවිලියර්ස් (නොදැවී) 72, මන්දීප් සිං 13, බෝල්ට් 40/2, මුනාෆ් පටෙල් 51/1, 
මිෂ්රා 33/1, සන්දීප් ලැමිචනේ 25/1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජායිපූර්හි පැවැති රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් පන්ජාබ් අතර තරගයෙන් ලකුණු 15ක ජයක් ලැබූ රාජස්ථාන් රෝයල්ස් සිව්වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් වේගවත් පිතිරඹයක් දියත් කරමින් පන්දු 58කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 82ක් රැස් කළ ජොස් බට්ලර් තරගයේ වීරය සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් පන්ජාබ්ට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143ක් පමණි.
රාජස්ථාන් වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 22ක් රැස් කළ අතර, කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ටයි ලකුණු 34ට කඩුලු 4ක් බිඳ හෙළීය.
ජයග්‍රහණය සදහා ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ අරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් පන්දු 70කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 95ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වීමෙන් පරාජය අත්විය.
ක්‍රිෂ්නප්පා ගෞතම් ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :- 
රාජස්ථාන් පන්දුවාර 20දී - 158/8යි
ජොස් බට්ලර් 82, සංජු සැම්සන් 22, බෙන් ස්ටෝක්ස් 14, ඇන්ඩෘ ටයි 34/4. මුජීබ් උර් රහමන් 21/2, ස්ටොයිනිස් 15/1
කිංග්ස් පන්ජාබ් පන්දුවාර 20දී - 143/7යි
ලෝකේශ් රාහුල් 95, ස්ටොයිනිස් 11, ගෞතම් 12/2, ඉෂ් සෝඩි 14/1, ස්ටෝක්ස් 13/1, උනද්කට් 36/1, ජොෆ්රා ආචර් 32/1

Page 1 of 34

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.