Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාවට තීරණාත්මක ශ්‍රී ලංකා - බංග්ලාදේශ සටන අද

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (25දා) ධකාහිදී පැවැත්වේ.
බංග්ලාදේශය මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණුද සහිතව ලකුණු 15ක් ලබා අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකාව තරග 3කට සහභාගි වී සිම්බාබ්වේට එරෙහිව එක් තරගයක් ජයගෙන බංග්ලාදේශය සහ සිම්බාබ්වේට එරෙහිව එක් තරගය බැගින් පරාජයවී ලකුණු 4ක් ලබා ලකුණු සටහනේ දෙවැනි තැන සිටියි.
මේ වන විට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක් තරගය බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.

අද තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් බංග්ලාදේශය සමග අවසන් සටනට සුදුසුකම් ලබන අතර, යම් හෙයකින් පරාජය වුවහොත් දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව හෝ සිම්බාබ්වේ අවසන් සටනට පිවිසෙයි.
එහෙයින් අද තරගයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව තියුණු සටනක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් වී තිබේ.
මෙවර තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ගොදුරු වීම නිසා තරගාවලිය අහිමි වීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් වී තිබේ.

අද තරගයේදී කුසල් ජනිත්ගේ ස්ථානය ධනුෂ්ක ගුණතිලකට හිමිවනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස නායක චන්දිමාල්, තරංග, ධනුෂ්ක ගුණතිලක, දික්වැල්ල, කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර, තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස අසේල ගුණරත්න සහ තිසර පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරන අතර, දඟ පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
බංග්ලාදේශය මෙම තරගයේදී කිසිදු වෙනසක් සිදු නොකරමින් සිම්බාබ්වේ තරගයට නම් කළ කණ්ඩායමම නම් කරනු ඇතැයි වාර්තා වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.