Coss Ear2
lakbima.lk
COSS Ear 1

බංග්ලාදේශය ලකුණු 91කින් සිම්බාබ්වේ පරාජය කරයි

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (23දා) ධකාහි පැවැති බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් ලකුණු 91ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 216ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේට පන්දුවාර 36.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.

මේ අනුව බංග්ලාදේශය තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම හෙට (25දා) පැවැත්වෙන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් තීරණය වෙයි.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් පන්දු 105කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 76ක් ලබාගත් අතර, ෂකිබ් අල් හසන් පන්දු 80කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 51ක් වාර්තා කළේය.

තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සම්බන්ධතාවක් පැවැති අතර,
ෂකිබ් දැවී යාමත් සමග ඉනිම බිඳ වැටුණි.
සිම්බාබ්වේ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීමර් කඩුලු 4ක්ද, ජාවිස් කඩුලු 3ක්ද බිඳ දැමීමට සමත් විය.
ලකුණු හඹා යාමේදී සිම්බාබ්වේ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉනිම ලකුණු 125කට සීමා කළහ.
සිකන්දර් රාසා ලකුණු 39ක්ද, ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 23ක්ද ලබාගත් අතර, බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් ලකුණු 34ට කඩුලු 3ක්ද, මොර්ටාසා, සුන්සාමුල් සහ මුස්ටාෆිසූර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.