Coss Ear2
lakbima.lk
COSS Ear 1
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (21දා) පැවැති ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පන්දුවාර 44කදී ලකුණු 198කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 44.5කදී කඩුලු 5ට ලකුණු 202ක් ලබමින් ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 33ට කඩුලු 4ක් සහ නොදැවී ලකුණු 39ක් ලැබූ තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු හඹා යාමේදී කුසල් ජනිත් ලකුණු 49ක් වාර්තා කළ අතර, කඩුලු බිඳ වැටීමෙන් පසු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය. 
තරංග ලකුණු 17කට දැවී යාමෙන් පසු කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් (ලකුණු 36) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සම්බන්ධතාවයක් තැබිමෙන් පසු මුසරබානි ක්‍රියාත්මක වීමෙන් කඩුලු 3ක් බිඳ වැටුණි.
ජාවිස්ගේ පන්දුවක් හමුවේ අසේල ගුණරත්න ලකුණු 9කට දැවී යාමෙන් ලකුණු 145ක් තුළ කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්වුවද චන්දිමාල් සහ තිසර එක්ව ලකුණු 57ක නොබිඳුණු සම්බන්ධතාවයක් තබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
තිසර පන්දු 26කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක්ද, චන්දිමාල් පන්දු 71කදී හතරේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 38ක් ද ලබා ගත්තේය.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සම්බන්ධතාවයක් තැබුවද තිසර කඩුලු 4ක් දවා ගැනීමෙන් ඉනිම බිඳ වැටුණි. සඳකැන් මැද පෙළ කඩුලු 2ක් බිඳ හෙලූ අතර පසුපෙළ කඩුලු 3 බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත්විය.
සිම්බාබ්වේ වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 80කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 58ක් වාර්තා කළේය.
තිසර ලකුණු 33ට කඩුලු 4ක් ද, ප්‍රදීප් ලකුණු 28ට කඩුලු 3ක්ද, සඳකැන් ලකුණු 54ට කඩුලු 2ක් ද බිඳ හෙළීය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.