Coss Ear2
lakbima.lk
COSS Ear 1

බෝල්ට්ගේ සුපිරි පන්දු යැවීමෙන් නවසීලන්තයට ලකුණු 204ක ජයක්

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ක්‍රයිස්චර්ච්හිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 204ක විශිෂ්ට ජයක් වාර්තා කළ නවසීලන්තය තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 34ට කඩුලු 7ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 325ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ඉනිම පන්දුවාර 28කදී ලකුණු 121කට අවසන් විය.
නවසීලන්ත ආරම්භක පිතිකරු ජෝර්ජ් වෝකර් පන්දු 53කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 58ක් වාර්තා කළ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් කොලින් මුන්රෝ පන්දු 25කදී ලකුණු 30ක් වාර්තා කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
රොස් ටේලර් පන්දු 66කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 57ක් වාර්තා කළ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි නිකලස් පන්දු 62කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 83ක් රැස් කළේය.
හෙන්රිට අනගි සහයක් ලබා දුන් ටොඩ් ඇස්‍ලේ පන්දු 45කදී ලකුණු 49ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක විය.
කොදෙව් සියළුම පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර, ෂෙල්ඩන් කොට්රල් ලකුණු 62ට කඩුලු 3ක්ද, ජේසන් හෝල්ඩර් ලකුණු 52ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 326ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කිසිදු පිතිකරුවකුට ලකුණු 30 සීමාව පසු කිරීමට ටේ‍රන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගියුසන් ඉඩ ලබා නොදුන්හ.
කොදෙව් ඉනිමේ ඉහළ ලකුණු ලාභියා වෙමින් ඈස්ලි නර්ස් ලකුණු 27ක් රැස් කළ අතර, ෂායි හෝප් ලකුණු 23කින් දායක විය.
කොදෙව් ඉනිම බිඳ දැමූ ටේ‍රන්ට් බෝල්ට් පන්දුවාර 10දී ලකුණු 34ට කඩුලු 7ක් බිඳ හෙලූ අතර, ෆර්ගියුසන් ලකුණු 17ට කඩුලු 3ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 50දී - 325/6යි
වෝකර් 58, මුන්රෝ 30, ටේලර් 57, ‍ලේතම් 20, නිකලස් (නොදැවී) 83, ඇස්‍ලේ 49, කොට්රල් 62/3, හෝල්ඩර් 52/2, බිටන් 60/1
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 28කදී - 121යි
ෂායි හෝප් 23, ජේසන් මොහොමඩ් 18, හෝල්ඩර් 13, නර්ස් 27, බෝල්ට් 34/7, ෆර්ගියුසන් 17/3

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1181

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1044

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1632

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3169

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4018

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4152

Please publish modules in offcanvas position.