Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාව සමග ටෙස්ට් සටනට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (8දා) ඉන්දියාව බලා පිටත්ව යයි.
අවසන් වරට පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින් ජයගත් ශ්‍රී ලංකාව පසුගිය තරගාවලියේදී ඉන්දියාව හමුවේ අත්වූ දරුණු පරාජයට පිළිතුරක් ලබා දීමේ අරමුණෙන් තරගාවලියට සහභාගි වෙයි.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම ඉන්දියාවට තරග 3-0කින් පරාජයට පත්විය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට නවක ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්කර තිබිම කැපී පෙනෙන අතර ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් අතුරින් මැතිව්ස් සුවය ලබා කණ්ඩායමට එක්වී සිටින නමුත් කුසල් ජනිත් සහ අසේල ගුණරත්න නොමැති වීම පාඩුවක් වී තිබේ.
එහෙත් අසේල ගුණරත්න තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක්වීමට ඉඩකඩක් පවතින බවට වාර්තා පළවන අතර, කුසල් ජනිත් එක්දින සහ 20-20 තරගාවලියට ක්‍රීඩා කරනු ඇතැයි පැවැසේ.
මෙවර තරගාවලියේදී දිමුත් සමග ඉනිම ඇරැඹීමට ධනංජය ද සිල්වා කණ්ඩායමට නම්කර ඇති අතර, කුසල් මෙන්ඩිස්ගේ ස්ථානයට සධීර සමරවික්‍රම නම්කර තිබේ.
පන්දු යවන්නන් අතරින් අත්දැකීම් පිරි නුවන් ප්‍රදීප් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, එම ස්ථානයට විශ්ව ප්‍රනාන්දු නම්කර තිබේ. අතිරේක පිතිකරුවකු ලෙස රොෂේන් සිල්වාට අවස්ථාවක් හිමිවී ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දසුන් ශානකද සංචාරයට එක්වෙයි.
වසර 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් වූ තිලාන් සමරවීර ශ්‍රී ලංකා පිල සමග සහභාගි වන පළමු සංචාරයද මෙය වෙයි.
ශ්‍රී ලංකා පිල ලබන 11 සහ 12දා කල්කටාහිදී දෙදින පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතව ඇති අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය 16දා සිට 20දා දක්වා කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 24දා නාග්පූර්හිදී ආරම්භ වන අතර, තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 2දා දිල්ලියේදී ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා
 
මංගල ධර්මප්‍රේම 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.