Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලාහෝර් 20-20 තරගයෙන් පාකිස්තානයට ලකුණු 36ක ජයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර්හිදී පැවැති තෙවැනි 20-20 තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 180ක් ලැබූ අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 20දී ලබාගත හැකිවූයේ කඩුලු 9කට ලකුණු 144ක් පමණි. 
මෙම තරගයේදී පාකිස්තානු පිතිකරුවන් සියල්ලම සාර්ථක පිතිහරඹයක නිරත වූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් පන්දු 24කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 51ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ඔහුට අනගි සහයක් දුන් බාබර් අසාම් නොදැවී ලකුණු 34ක් රැස් කළ අතර, උමාර් අමීන් පන්දු 37කදී ලකුණු 45ක්ද, ෆකාර් සමාන් පන්දු 27කදී ලකුණු 31ක්ද වාර්තා කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විකුම් සංජය, ඩිල්ෂාන් මුණවීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.
ලකුණු හඹා යාමේදී යළිත් වරක් ශ්‍රී ලංකා පෙර පෙළ බිඳ වැටුණු අතර, ලකුණු 21ක් තුළ කඩුලු 3ක් බිඳ වැටුණි. 
ඩිල්ෂාන් මුණවීර 1 ලකුණකට මොහොමඩ් අමීර්ට ගොදුරු වූ අතර, සධීර සමරවික්‍රම ලකුණු 4කට දවා ගැනීමට ඉමාඩ් වසීම් සමත් විය.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 9ක් ලබා හෆීස්ට ගොදුරු වූ අතර, මහේල උඩවත්ත ෆාහිම් අෂ්රෆ් හමුවේ ලකුණු 11කට දැවී ගියේය.
ඉන්පසු පිටියේ එක්වූ දසුන් ශානක සහ චතුරංග ද සිල්වා සාර්ථක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, පන්දු 36කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 54ක් ලැබූ දසුන් ශානක ෆාහිම් අෂ්රෆ් හමුවේ දැවී යාමෙන් ශ්‍රී ලංකා සටන අඩපණ විය. 
ලකුණු 21ක් ලබූ චතුරංග ද සිල්වා මොහොමඩ් අමීර්ගේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර, නායක තිසර පෙරේරා හසන් අලී හමුවේ ලකුණු 10කට දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්විය.
සීක්කුගේ ප්‍රසන්න (16) සහ සචිත් පතිරණ (14) දවා ගත් මොහොමඩ් අමීර් ලකුණු 13ට කඩුලු 4ක් බිඳ හෙළීය.
පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ කඩුලු 9ට ලකුණු 144ක් පමණි. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.