Coss Ear2
lakbima.lk
COSS Ear 1

බිෂූගේ පන්දු යැවීමෙන් කොදෙව්වන්ට විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර බුලවායෝහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 117ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ.
මේ අනුව කොදෙව් ක්‍රීඩකයෝ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිති.
ජයග්‍රහණය සඳහා ලකුණු 433ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ දෙවැනි ඉනිම ලකුණු 316කට සීමා කරමින් ලකුණු 117ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ.
කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දේවේන්ද්‍ර බිෂූ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
දේවේන්ද්‍ර බිෂූ මුල් ඉනිමේදී ලකුණු 79ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, දෙවැනි ඉනිමේදී පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 44ක් සහ ලකුණු 105ට කඩුලු 4ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
කොදෙව් මුල් ඉනිම - 219යි
කිරාන් පවෙල් 56, ෂායි හෝප් නොදැවී 90, රොස්ටන් ච්ෙස් 31, ක්‍රීමර් 64/4, විලියම්ස් 20/3
සිම්බාබ්වේ මුල් ඉනිම - 159යි
මසකඩ්සා 42, සොලමන් මීර් 27, කේ‍ර්ග් අර්වින් 39, බිෂූ 79/5, හෝල්ඩර් 25/2, රෝච් 23/2
කොදෙව් දෙවැනි ඉනිම - 373යි
බ්‍රාත්වේට් 86, කයිල් හෝප් 43, ෂායි හෝප් 44, ච්ෙස් 95, බිෂූ 44, ක්‍රීමර් 114/4, විලියම්ස් 91/3, කයිල් ජාවිස් 66/2
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - 316යි
මසකඩ්සා 57, මීර් 47, ටේලර් 73, ෂිකන්දර් රාසා 30, ජාවිස් නොදැවී 23, මෝෆු 33, බිෂූ 105/4, ච්ෙස් 61/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.