Coss Ear2
lakbima.lk
COSS Ear 1
16 වැනි ‘සිංගර් බ්ලූ අන්ඩ් ගෝල්ඩ්’ ආරාධිත පාසල් අවු. 20න් පහළ සත් සාමාජික හොකී තරගාවලියේ බාලක ශූරතාව කොළඹ නාලන්දා විදුහල දිනාගත් අතර, බාලිකා ශූරතාව දිනා ගැනීමට කොළඹ මියුසියස් විදුහල සමත් විය.
කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලද මෙම තරගාවලියේ බාලක අනුශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලට හිමිවූ අතර. බාලිකා අනුශූරතාව මහනුවර සීතාදේවි බාලිකා විදුහල සතුවිය.
බාලක සහ බාලිකා තෙවැනි ස්ථාන ගල්කිස්ස ශා. තෝමස් විදුහලට සහ නාවල ජනාධිපති බාලිකා විදුහලට හිමිවිය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාලන්දා විදුහ‍ලේ බෝධික ඩයස් සම්මාන ලැබූ අතර, මියුසියස් විදුහ‍ලේ ලිනාරා තිලකරත්න දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
දක්ෂතම ගෝල් රකින්නා ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ දිලූක කවිහාර කුලසේකර ද, දක්ෂතම ගෝල් රකින්නිය ලෙස මියුසියස් විදුහ‍ලේ තමාෂා වීරසිංහ ද සම්මාන දිනා ගත්හ.
නාලන්දා සහ මාරිස්ටෙලා අතර පැවැති බාලක අවසන් තරගයේදී ගෝල් 1-0ක තියුණු ජයක් වාර්තා කර ගනිමින් ඉතිහාසයේ දෙවැනි වරට සිංගර් කුසලාන දිනා ගැනීමට නාලන්දා ක්‍රීඩාකයෝ සමත් වූහ.
ජයග්‍රාහී ගෝලය කෙටි ආන්තික පහරක් ආශ්‍රිතව වාර්තා කිරීමට බෝධික ඩයස් සමත් විය. 
මියුසියස් විදුහල සහ සීතාදේවි බාලිකා විදුහල අතර පැවැති බාලිකා අවසන් මහ තරගයද තියුණු මුහුණුවරක් ඉසිලූ නමුත් එහිදී මනා පන්දු පාලනයක නිරත වෙමින් ගෝල් 1-0ක ජයක් වාර්තා කිරීමට මියුසියස් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙම තරගයේ ජයග්‍රාහී ගෝලය තරගය ඇරඹි පළමු භාගයේදීම සටහන් කිරීමට ලිනාරා තිලකරත්න සමත් වූවාය.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව කොළඹ රාජකීය විද්‍යාලයීය හොකී සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කළේය.
 
සපුමල් වීදිය බණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.