Coss Ear2
lakbima.lk
COSS Ear 1

විරාත් කෝලි වාර්තා ‍පොතට එක්වෙයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 280ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 49කදී කඩුලු 4ට ලකුණු 284ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටොම් ‍ලේතම් පන්දු 102කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 103ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් රොස් ටේලර් පන්දු 100කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 95ක් වාර්තා කළේය.
කඩුලු 3ක් ලකුණු 80ක් තුළ බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ ‍ලේතම් සහ ටේලර් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200ක සම්බන්ධතාවක් තබමින් නවසීලන්ත ජය තහවුරු කළහ.
සිය 200 වැනි එක්දින තරගයට සහභාගි වූ ඉන්දීය නායක විරාත් කෝලි පන්දු 125කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 121ක් වාර්තා කළේය.
සිය 31 වැනි එක්දින ශතකය වාර්තා කළ කෝලි ලොව එක්දින ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා බවටද පත්විය.
කෝලිගේ මෙම දස්කමත් සමග තරග 375කදී ශතක 30ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවූ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී ‍පොන්ටින් තෙවැනි ස්ථානයට පත්වූ අතර, තරග 463කදී ශතක 49ක් ලැබූ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පළමු තැන රැඳී සිටියි.
සිය 200 වැනි එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව දෙවැනි පිතිකරුවා බවටද කෝලි පත්වූ අතර, මීට පෙර මෙම දස්කම දකුණු අප්‍රිකාවේ ඒ.බි. ඩිවිලියර්ස් සිදුකර තිබුණි.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 35ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ටිම් සවුති ලකුණු 73ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 50දී - 280/8යි
කෝලි 121, කාර්තික් 37, දෝනි 25, බුවනේෂ්වර් 26, බෝල්ට් 35/4, සවුති 73/3
නවසීලන්තය පන්දුවාර 49කදී - 284/4යි
ගප්ටිල් 32, මුන්රෝ 28, ටේලර් 95, ‍ලේතම් (නොදැවී) 103

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.