Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලීගෙන් වේගවත් ශතකයක්

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 124ක ජයක් වාර්තා කළ එංගලන්තය 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ මොයින් අලී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 369ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දුවාර 39.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 245ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් මොයින් අලී පන්දු 57කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සහිතව වේගවත් ලකුණු 102ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 84ක්ද බෙන් ස්ටෝක්ස් ලකුණු 73ක්ද වාර්තා කළහ.

මිගුවෙල් කමින්ස් ලකුණු 82ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 81ට කඩුලු 2ක් බිඳ හෙළීය.
කොදෙව් වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 78කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සහිතව ලකුණු 94ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.

එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ප්ලන්කට් ලකුණු 52ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, අදිල් රෂීඩ් ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-
එංගලන්තය පන්දුවාර 50දී - 369/9යි
මොයින් අලී 102, ජෝ රූට් 84, බෙන් ස්ටෝක්ස් 73, ඇලෙක්ස් හේල්ස් 36, ක්‍රිස් වෝක්ස් 34, මිගුවෙල් කමින්ස් 82/3, ජේසන් හෝල්ඩර් 81/2
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 39.1කදී - 245යි
ක්‍රිස් ගේල් 94, ජේසන් මොහොමඩ් 38, ජේසන් හෝල්ඩර් 34, ලියම් ප්ලන්කට් 52/5, අදිල් රෂීඩ් 34/3

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.