Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාව 3-0කින් එක්දින තරගාවලිය ජය ගනියි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර හොල්කා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දියාව තවත් තරග 2ක් ඉදිරිව තිබියදීම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 78ක් සහ එක් කඩුල්ලක් බිඳ දැමූ හර්දික් පාන්ඩ්යා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව අරොන් ෆින්ච්ගේ ශතකය හේතුවෙන් පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 293ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 47.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 294ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වන අජින්ක්යා රහානේ (70) සහ රෝහිත්
ෂර්මා (71) පළමු කඩුල්ලට ලකුණු 139ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, හර්දික් පාන්ඩ්යා පන්දු 72කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 78ක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අරොන් ෆින්ච් පන්දු 125කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 124ක් රැස් කළ අතර, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 63ක් රැස් කළේය.
ජස්ප්‍රිට් බුම්රා සහ කුල්දීප් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී - 293/6යි
වෝනර් 42, ෆින්ච් 124, ස්මිත් 63, ස්ටොනිස් (නොදැවී) 27, බුම්රා 52/2, කුල්දීප් යදාව් 75/2, චහාල් 54/1, පාන්ඩ්යා 58/1
ඉන්දියාව පන්දුවාර 47.5 කදී - 294/5යි
රහානේ 70, ෂර්මා 71, කෝලි 28, පාන්ඩ්යා 78, මනිෂ් පාන්ඩේ (නොදැවී) 36, කමින්ස් 54/2, කෝල්ටර්නයිල් 58/1, රිචඩ්සන් 45/1, අගාර් 71/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.