Coss Ear2
lakbima.lk
COSS Ear 1

චතුරංග රිදී හංසනී ලෝකඩ පදක්කම් දිනති

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පිහිටි ක්‍රීඩා හා විනෝදාංශ මධ්‍යස්ථාන ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් රිදී පදක්කමක්ද, හංසනී ගෝමස් ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත් වී තිබේ.
චතුරංග ලක්මාල් කිලෝ ග්‍රෑම් 56ට අඩු බරපන්තිය යටතේ තරග බිමට පිවිසෙමින් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 117ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130ක්ද සමගින් කිලෝ ග්‍රෑම් 247ක මුළු  බර එකතුවක් සටහන් කරමින් රිදී පදක්කම දිනාගෙන තිබේ. 
චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 117ක බර ප්‍රමාණය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද වීම විශේෂත්වයක් වන අතර, මීට පෙර එම වාර්තාව කිලෝ ග්‍රෑම් 114ක් ලෙස සටහන් වී තිබුණි.
පසුගිය වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ රිදී පදක්කම්ලාභියකු වන චතුරංග ලක්මාල් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියකදී දිනාගත් පළමු පදක්කම ලෙසද මෙය සටහන් වෙයි.
මෙම ඉසව්වේදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 117ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 140ක්ද සමගින් කිලෝ ග්‍රෑම් 257ක මුළු බර එකතුවක් සටහන් කළ මලයාසියානු ක්‍රීඩකයාට රන් පදක්කම හිමිවිය.
කාන්තා තරගාවලිය යටතේ කිලෝ ග්‍රෑම් 48ට අඩු බර පන්තිය යටතේ තරග කළ හංසනී ගෝමස් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
එහිදී හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 63ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 86 ක්ද සමගින් කිලෝ ග්‍රෑම් 149ක මුළු බර එකතුවක් සටහන් කර ගනිමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
තිලංග පළඟසිංහ සහ සුදේශ් පීරිස් කිලෝ ග්‍රෑම් 62ට අඩු බරපන්තිය යටතේ ඊයේ (5දා) රාත්‍රියේ තරග වැදීමට නියමිතව තිබූ අතර, ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 69ට අඩු බර පන්තිය යටතේ අද (6දා) තරග බිමට පිවිසෙයි.
(සපුමල්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.