Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 168 ක ජයක් වාර්තා කිරීමට ඊයේ (31දා) ඉන්දියාව සමත් විය.
මේ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවෙයි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 දී කඩුලු 5 ට ලකුණු 375 ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාවට පන්දුවාර 42.4 කදී ලබාගත හැකිවූයේ ලකුණු 207 ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් ශතක රැස් කිරීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා සමත්වූ අතර ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 214 ක් විය.
සිය 29 වැනි එක්දින ශතකය වාර්තා කළ කෝලි පන්දු 96 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 131 ක් ලබා ගත්තේය.
මෙවර තරගාවලියේදී පිට පිටම දෙවැනි ශතකය මෙන්ම සිය එක්දින දිවියේ 13 වැනි ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා පන්දු 88 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සහිතව ලකුණු 104 ක් වාර්තා කළේය.
කෝලි දවාගත් ලසිත් මාලිංග සිය 300 වැනි එක්දින කඩුල්ල ලබා ගත් අතර මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් මුරලි, වාස් සහ ජයසූරිය මෙම දස්කම කර තිබුණි.
පාන්ඩ්යා ලකුණු 19 කට දවාගත් මැතිව්ස් ඊළඟ පන්දුවේදී රෝහිත් දවා ගත්තද රාහුල් ධනංජයගේ පන්දුවක් හමුවේ ලකුණු 7 කට දැවී යාමෙන් පසු පිටියේ එක්වූ දෝනි සහ මනීෂ් පාන්ඩේ ශ්‍රී ලංකාවේ බලාපාරොත්තු සුන් කළේය.
දෝනි සහ පාන්ඩේ අතර ලකුණු 101 ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර පාන්ඩේ නොදැවී ලකුණු 50 ක්ද දෝනි නොදැවී ලකුණු 49 ක්ද ලබා තිබුණි.
පන්දුවෙන් දස්කම් දැක්වූ මැතිව්ස් ලකුණු 24 ට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර විශ්ව, මාලිංග සහ ධනංජය එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 376 ක අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 68 කට බිඳ වැටුණු අතර මැතිව්ස් සහ මිලින්ද අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් වාර්තා විය.
මිලින්ද ලකුණු 39 කට දැවී යාමෙන් පසු හුදෙකලාවූ මැතිව්ස් පන්දු 80 කදී හතරේ පහර 10 ක් සහිතව ලකුණු 70 ක් ලබා ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 ක්ද, පාන්ඩ්යා කඩුලු 2 ක්ද, කුල්දීප් යදාව් කඩුලු 2 ක්ද බිඳ හෙලූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 5 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය 3 දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ඉන්දියාව
රෝහිත් ෂර්මා ඇ. දික්වැල්ල ප. මැතිව්ස්104ෂිකර් ධවාන් ඇ. පුෂ්පකුමාර ප. ප්‍රනාන්දු 4
විරාත් කෝලි ඇ. මුණවීර ප. මාලිංග131
හාර්දික් පාන්ඩ්යා ඇ. වනිඳු ප. මැතිව්ස්19
ලෝකේශ් රාහුල් ඇ. වනිඳු ප. ධනංජය 7
මනිෂ් පාන්ඩේ (නොදැවී)50
එම්.එස්. දෝනි (නොදැවී)49
අතිරේක 11
මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 5ක් දැවී)375
කඩුලු බිඳ වැටීම :- 1-6, 2-225, 3-262, 4-262, 5-274
පන්දු යැවීම :- ලසිත් මාලිංග 10-0-82-1, විශ්ව ප්‍රනාන්දු 8-1-76-1, ඇන්ජලෝ මැතිව්ස් 6-2-24-2, මලින්ද පුෂ්පකුමාර 9-0-65-0, අකිල ධනංජය 10-0-68-1, වනිඳු හසරංග 2-0-19-0, මිලින්ද සිරිවර්ධන 5-0-36-0
ශ්‍රී ලංකාව
නිරෝෂන් දික්වැල්ල ඇ. දෝනි ප. තකූර් 14
ඩිල්ෂාන් මුණවීර ඇ. දෝනි ප. බුම්රා11
කුසල් මෙන්ඩිස් දු.දැ.ගි. (රාහුල්)1
ලහිරු තිරිමාන්න ඇ. ධවාන් ප. පාන්ඩ්යා18
ඇන්ජලෝ මැතිව්ස් ඇ. තකූර් ප. පටෙල්70
මිලින්ද සිරිවර්ධන ඇ. දෝනි ප. පාන්ඩ්යා39
වනිඳු හසරංග දු.දැ.ගි (බුම්රා/පටෙල්)22
අකිල ධනංජය (නොදැවී)11
මලින්ද පුෂ්පකුමාර ඇ. පාන්ඩ්යා ප. බුම්රා 3
විශ්ව ප්‍රනාන්දු ඇ. හා ප. කුල්දීප් යදාව් 5
ලසිත් මාලිංග ප. කුල්දීප් යදාව් 0
අතිරේක 13
මුළු ලකුණු (පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී)207
කඩුලු බිඳ වැටීම :- 1-22, 2-26, 3-37, 4-68, 5-141, 6-177, 7-190, 8-196, 9-207, 10-207  
පන්දු යැවීම :- ෂර්දුල් තකූර් 7-0-26-1, ජස්ප්‍රිට් බුම්රා 7-0-32-2, හර්දික් පාන්ඩ්යා 8-0-50-2, විරාත් කෝලි 2-0-12-0, කුල්දීප් යදාව් 8.4-1-31-2, අක්ෂාර් පටෙල් 10-0-55-1

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.