Coss Ear2
lakbima.lk
COSS Ear 1
ලොව විශිෂ්ටතම ප්‍රහාරක පිතිකරුවකු ලෙස සැලකෙන ක්‍රිස් ගේල් වසර දෙකකට පසු කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබේ.
ක්‍රිස් ගේල් සමග මැද පෙළ පිතිකරු මාලන් සැමුවෙල්ස් ද වසරකට පසු යළිත් කණ්ඩායමට කැඳවා ඇති නමුත් කිරාන් ‍පොලාර්ඩ්ට ස්ථානයක් හිමිවී නොමැති බව වාර්තා වේ.
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එහිදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීම සඳහා තරගාවලිය ජය ගැනීමට කොදෙව් පිලට සිදුවී තිබේ.
මේ අතර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝට තරගාවලිය අහිමි වී ඇති අතර, සුනිල් නාරයින් සහ ඩැරන් බ්‍රාවෝ තරගාවලියට සහභාගි විය නොහැකි බව දන්වා තිබේ. 
කණ්ඩායමේ නායකත්වය ජේසන් හෝල්ඩර්ට හිමිවී ඇති අතර, ගේල් සහ සැමුවෙල්ස්ගේ පැමිණීමෙන් පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට තේරීම් කමිටුව බලා‍පොරොත්තු වෙයි.
 
කොදෙව් එක්දින සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, මාලන් සැමුවෙල්ස්, දේවේන්ද්‍ර බිෂූ, මිගුවල් කමින්ස්, කයිල් හෝප්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ජේසන් මොහොමඩ්, ඈෂ්ලි නර්ස්, රොව්මාන් පවෙල්, ජෙරම් ටේලර්, කෙස්රික් විලියම්ස්, සුනිල් ඇම්බ්‍රිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.