Coss Ear2
lakbima.lk
COSS Ear 1

රන් පදක්කම් 10ක් සමගින් ඇමෙරිකාව පළමු තැනට

ලන්ඩන්හිදී දින 10ක් පුරා පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල නිමාවට පත්වන විට රන් පදක්කම් 10ක් රිදී 11ක් සහ ලෝකඩ 9ක් සමගින් පළමු ස්ථානය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් විය.
කෙන්යාව රන් 5ක් රිදී 2ක් සහ ලෝකඩ 4ක් සමගින් දෙවැනි ස්ථානයට පත්වූ අතර, රන් 3ක් රිදී 1ක් සහ ලෝකඩ 2ක් දිනාගත් දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානය හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී රටවල් 24ක් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, රටවල් 38ක් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
පසුගිය 2015 බිජිං ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේදී දෙවැනි තැන දිනාගත් ජැමෙයිකාව මෙවර 16 වැනි ස්ථානයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ අවසන් තරග ඉසව් ලෙස පැවැති පිරිමි මීටර් 4*400 සහාය දිවීමේ තරගයේදී රන් පදක්කම ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝ (මි. 2.58.12) දිනාගත් අතර, කාන්තා මී. 4*400 රන් පදක්කම ඇමෙරිකාව (මි. 3.19.02) සතුවිය.
පිරිමි තරගයේ රිදී පදක්කම ඇමෙරිකාවටද (2.58.61) ලෝකඩ පදක්කම මහා බ්‍රිතානයටද (2.59.00) හිමිවූ අතර, කාන්තා තරගයේ රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයටද (3.25.00) ලෝකඩ පදක්කම ‍පෝලන්තයටද (3.25.41) හිමි විය.
ක්‍රීඩා උළෙ‍ලේ තවත් ප්‍රධාන තරග ඉසව්වක් වූ කාන්තා මීටර් 800 තරගයේදී දකුණු අප්‍රිකාවේ කාස්ටර් සිමෙන්යා (මි. 1.55.16) රන් පදක්කම දිනාගත් අතර, බුරැන්ඩි රාජ්‍යයේ ෆ්‍රැන්සින් නියොන්සබා (1.55.92) රිදී පදක්කමද, ඇමෙරිකාවේ අජී විල්සන් (1.56.65) ලෝකඩ පදක්කමද දිනා ගත්හ.
17 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල 2019 වසරේදී දෝහා කටාර් රාජ්‍යයේදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.