Coss Ear2
lakbima.lk
COSS Ear 1

පල්ලෙකැ‍ලේ තෙවැනි ටෙස්ට් සටනට චමීර සහ ලහිරු ගමගේ කැඳවති

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 12දා පල්ලෙකැ‍ලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවේ අංක 1 දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා ඇති බැවින් ඒ වෙනුවට ලක්ෂාන් සඳකැන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ.

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6ක් දවා ගත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ගොදුරු වූ අතර, එම ස්ථානයට දුෂ්මන්ත චමීර කැඳවා තිබේ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කර දෙවැනි ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමි වූ ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට වේගපන්දු යවන ලහිරු ගමගේ සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්


මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.