Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිමේෂ සහ නුවනිඳු අර්ධ ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර උතුර සහ මධ්‍යම අතර අවසන් මහා තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් මධ්‍යම පළාත මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 293ක් වාර්තා කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බස්නාහිර උතුර මුල් ඉනිම වෙනුවෙන් දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා සිටියේය.
සී.සී.සී. පිටියේදී ඊයේ ඇරැඹි මෙම අවසන් තරගයේදී මධ්‍යම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක වාර්තා කිරීමට නිමේෂ ගුණසිංහ සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වූහ.බිනුර ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මධ්‍යම කඩුලු 3ක් ලකුණු 30ක් තුල දැවී ගියද පිටියේ එක්වූ නිමේෂ සහ නුවනිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සම්බන්ධතාවක් තබමින් මධ්‍යම ඉනිම ගොඩනැංවීමට ප්‍රබල ලෙස දායක වූහ.
නිමේෂ ගුණසිංහ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 80ක් වාර්තා කළ අතර, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 76ක් වාර්තා කිරීමට සමත් විය.මීට අමතරව ලක්ෂාන් ප්‍රනාන්දු ලකුණු 35ක්ද, රවීන් සේයර් ලකුණු 32ක්ද, ලහිරු සමරකෝන් ලකුණු 38ක්ද වාර්තා කළහ.බස්නාහිර උතුර වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ලකුණු 39ට කඩුලු 4ක්ද, දුවිඳු තිලකරත්න ලකුණු 98ට කඩුලු 4ක්ද බිඳ හෙලූහ.
අද තරගයේ අවසන් දිනයයි.

ලකුණු තත්ත්වය :-

මධ්‍යම පළාත මුල් ඉනිම සියලු දෙනා දැවී 293යි
ධනුක දාබරේ 0, රොන් චන්ද්‍රගුප්ත 0, නිමේෂ ගුණසිංහ 80, වනිඳු හසරංග 14, නුවනිඳු ප්‍රනාන්දු 76, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, ලහිරු සමරකෝන් 38, චරිත් සුදාරක 8, මොහොමඩ් ෂිරාෂ් (නොදැවී) 7, ප්‍රමෝද්‍ය අබේකෝන් 0, බිනුර ප්‍රනාන්දු 39/4, දුවිඳු තිලකරත්න 98/4, චරණ නානායක්කාර 19/1, නුවන් තුෂාර 64/1
බස්නාහිර උතුර මුල් ඉනිම - 16/1යි
කවීන් බණ්ඩාර 1, ශාලින්ද උෂාන් (නොදැවී) 5, පැතුම් නිශ්ශංක (නොදැවී) 5, මොහොමඩ් ෂිරාෂ් 9/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.