Coss Ear2
lakbima.lk
COSS Ear 1

දක්ෂතම ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව රිද්මා නිෂාදි

ශ්‍රීමත් ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ෂෙහාන් කාරියවසම් (ශා. ජෝසප්) ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) සම්මාන දිනා ගත්හ.
ෂෙහාන් කාරියවසම් අවුරුදු 18න් පහළ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේදී නව තරග වාර්තාවක් (තත්. 14.06)  පිහිටුවමින්ද, රිද්මා නිෂාදි අවු. 20 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 5.98ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින්ද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
මෙවර තරගාවලියේ බාලක සමස්ත ශූරතාව මීගමුව මාරිස්ටෙලා දිනාගත් අතර, සමස්ත බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක මැදි විදුහලද දිනා ගත්තේය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ බාලක අනුශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහල දිනාගත් අතර, තෙවැනි ස්ථානය වලල ඒ රත්නායක මැදි විදුහල සතුවිය.
බාලිකා අනුශූරතාව රත්නපුර සුමන බාලිකාව දිනගත් අතර, තෙවැනි ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතුවිය.
මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 14ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, එක් වාර්තා සම කිරීමක් සටහන් විය.
අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැති මෙම තරගාවලියේදී වලල ඒ රත්නායක මැදි විදුහල වයස් කාණ්ඩ ත්‍රිත්වයේම බාලිකා ශූරතාව සමගින් ශූරතා 4ක් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
එහිදී අවු. 16න් පහළ බාලිකා සහ අවු. 20න් පහළ බාලිකා ශූරතා දිනාගත් වලල ඒ. රත්නායක විදුහල අවු. 18න් පහළ බාලක සහ බාලිකා ශූරතා ද්විත්වයමද දිනා ගැනීමට සමත් විය. 
හලාවත ශා. මරියා අවු. 16න් පහළ බාලක ශූරතාව දිනාගත් අතර, මීගමුව මාරිස්ටෙලා අවු. 20න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය.
 
ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.