Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළමු එක්දින තරගය පරාජයවීමෙන් පසු සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දු යැවූ රටාව වෙනස් කළ බව ඊයේ තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් පැවැසීය.
පළමු තරගයේදී ඔවුන් අපේ දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දුන්නා. ඒ නිසා මෙම තරගයේදී අපි වේගය අඩාල කිරීමත් පතිත කරන ස්ථානය වෙනස් කරන්නත් කටයුතු කළා. එහි ප්‍රතිඵලය ලැබුණා යැයි සඳකැන් පවසයි.
මාස කිහිපයකට පසු ක්‍රිඩා කළ එක්දින තරගයේදී කඩුලු ලබා ගැනීමට හැකිවූ බවත් නායකයා ඇතුලු සියලුම ක්‍රීඩකයන්ගෙන් හොඳ සහයක් ලැබුණු බවත් සඳකැන් පවසයි.
පළමු තරගයට පෙර දින අසනීප තත්ත්වයක් ඇතිවු බැවින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ බව පවසන සඳකැන් ඉදිරි තරගවලදී සුපුරුදු දස්කම් දැක්වීමට බලා‍පොරොත්තු වන බවද පවසයි.
මෙම තරගයේදී කඩුල්ලම ඉලක්ක කරගෙන පන්දු යැවීමට සූදානමින් පසු වූ බවත් සිම්බාබ්වේ පිතිකරුවන්ට එරෙහිව පන්දු රකින්නන් යොදවන ස්ථානද වෙනස් කළ බව සඳකැන් පවසයි.
නවක ක්‍රීඩක වනිඳු හොඳින් පන්දු යැවූ බව පවසන සඳකැන් සිය පළමු තරගයේදී එල්ල වන පීඩනය ඔහු හොඳින් පාලනය කළ බවද පවසයි.
පළමු තරගයෙන් පරාජයවීම පිළිබඳව කනගාටුවන නමුත් ඉදිරි සියලු තරග සාර්ථකව නිම කිරීමට බලා‍පොරොත්තු වන බව පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.