Coss Ear2
lakbima.lk
COSS Ear 1

චමරි ගෙන් වාර්තාගත ඉනිමක්

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (29) පැවැති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව  අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 257දක්වා ඉහළට රැගෙනයමින් වමත් පිතිකාරිණී චමරි අතපත්තු වේගවත් ලකුණු 178 නොදැවී වාර්තා කිරීමට සමත් විය.

එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක්  එතෙක් මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරගයක දී එක් ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර එය එක්දින ජාත්‍යන්තර තරගයක දී  පිතිකාරිණියක් එක් ඉනිමක දී වාර්තා කළ තෙවන වැඩිම ලකුණු ප්‍රමාණය ද වුණා.

චමරිඅතපත්තු සිය ලකුණු 178ලබා ගැනීමට පන්දු 143‍වැය කළ අතර එහි දී හතරේ පහර 22 ක් හා 6 පහර 6 ක් එළ්ල කිරීමට සමත් වූණි. ඇගේ පිතිකරණය ගැන විචාරකයන් ප්‍රශංසා මුඛයෙන් කතා කළ අතර ප්‍රෙක්ෂකයන්ගේ වැඩි ආදරය ඇ සතු වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පැන් බීමේ අවස්ථාව අහිමි කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මෙග් ලැනින්ග් නොදැවී 152ක් ලබා ගනිමින් සියකණ්ඩායම ජය මාවත කරා රැගෙන ගිය අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් හාපන්දු 37 ක් ඉතිරිව තිබියදී ලකුණු 262 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත්විය.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.