Coss Ear2
lakbima.lk
COSS Ear 1

හීතර් සහ නැතලි එංගලන්තයට ජය ගෙනෙති

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 107ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
මෙම තරගාවලියේ එංගලන්තය ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන අතර, පාකිස්තානය ලැබූ දෙවැනි පරාජය ලෙස වාර්තා වෙයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50දී කඩුලු 7ට ලකුණු 377ක් රැස් කළ අතර, වර්ෂාව හේතුවෙන් පාකිස්තානයට පන්දුවාර 29.2කදී ලකුණු 215ක ඉලක්කයක් හිමි වුවද ඔවුන්ට රැස්කරගත හැකිවූයේ කඩුලු 3ට ලකුණු 107ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නායිකා හීතර් නයිට් පන්දු 109කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 106ක් රැස් කළ අතර, නැතලි ස්කිවර් පන්දු 92කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 137ක් වාර්තා කළාය.
හීතර් නයිට් සහ නතාලි ස්කිවර් තෙවැනි කඩුල්ලට ලකුණු 213ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, ඩැනියෙල් වියාට් පන්දු 27 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී වේගවත් ලකුණු 42ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූවාය. 
පාකිස්තානය වෙනුවෙන් අස්මාවියා ඉක්බාල් ලකුණු 62ට කඩුලු 3ක් බිඳ හෙලු අතර, ලකුණු හඹා යාමේදී ආරම්භක පිතිකාරිනී අයේෂා සෆාර් නොදැවී අර්ධ ශතකයක් (56) වාර්තා කළහ. 
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය පන්දුවාර 50දී - 377/7යි
හීතර් නයිට් 109, නැතලි ස්කිවර් 137, ඩැනියෙල් වියාට් (නොදැවී) 42, ෆ්‍රෑන් විල්සන් 33, අස්මාවියා ඉක්බාල් 62/3, කයිනට් ඉම්ටියාස් 68/2
පාකිස්තානය පන්දුවාර 29.2කදී - 107/3යි
අයේෂා සෆාර් (නොදැවී) 56, නයින් අබිඩි (නොදැවී) 23, කැතරින් බ්‍රන්ට් 21/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.