Coss Ear2
lakbima.lk
COSS Ear 1

බෝල්ටන්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට හිටපු ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 47.5කදී ලකුණු 204කට සීමා වූ අතර, ඕස්ට්‍රේලියාව පන්දුවාර 38.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 205ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනී නිකොල් බෝල්ටන් පන්දු 116කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 107ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ජය තහවුරු කළාය.
ආරම්භක පිතිකාරිනී බෙත් මූනි පන්දු 85කදී ලකුණු 70ක් රැස් කරමින් බෝල්ටන් සමග පළමු කඩුල්ලට ලකුණු 171ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ එලියස් පෙරී ලකුණු 47ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජේ. ජොනසීන් සහ ක්‍රිස්ටීන් බිම්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
 
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 47.5කදී  සියලු දෙනා දැවී - 204යි
හේලි මැතිව්ස් 46, ස්ටෙෆානි ටේලර් 45, චෙඩන් නේෂන් 39, ඩෙන්ඩ්‍රා ඩොටින් 29, එලියස් පෙරී 47/3, ජේ. ජොනසීන් 39/2, ක්‍රිස්ටීන් බිම්ස් 30/2
ඕස්ට්‍රේලියාව පන්දුවාර 38.1කදී -205/2යි
බෙත් මූනි 70, නිකොල් බෝල්ටන් (නොදැවී) 107, ස්ටෙෆානි ටේලර් 33/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.