Coss Ear2
lakbima.lk
COSS Ear 1
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදීම ප්‍රබල එංගලන්තය ලකුණු 35කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.
ඩර්බිහිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 3ට ලකුණු 281ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 246ක් පමණි.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් පූනම් රවුට් (86), එස්. මන්දනා (90) සහ මිතලි රාජ් (71) විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ.
පූනම් රවුට් පන්දු 134කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 86ක් සහ එස්. මන්දනා පන්දු 72කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 90ක් රැස් කරමින් ආරම්භක කඩුල්ලට ලකුණු 144ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
නායිකා මිතලි රාජ් පන්දු 73කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 71ක් රැස් කරමින් ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූවාය.
එංගලන්තය වෙනුවෙන් හීතර් නයිට් ලකුණු 41ට කඩුලු 2ක් බිඳ හෙලුවාය.
ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තය වෙනුවෙන් ෆ්‍රෑන් විල්සන් පන්දු 75කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 81ක් සහ නායිකා හීතර් නයිට් ලකුණු 46ක් වාර්තා කළද සෙසු පිතිකාරිනියෝ අසාර්ථක වූහ.
දීප්ති ෂර්මා ලකුණු 47ට කඩුලු 3ක් සහ එස්. පාන්ඩේ ලකුණු 35ට කඩුලු 2ක් බිඳ දමමින් ඉන්දීය ජය තහවුරු කළහ.
ඉන්දියාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ එස්. මන්දනා තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවාය.
 
ලකුණු තත්ත්වය :- 
ඉන්දියාව පන්දුවාර 50දී - 281/3යි
පූනම් රවුට් 86, එස්. මන්දනා 90, මිතලි රාජ් 71, හර්මන්පී්‍රට් කවුර් නොදැවී 24, හීතර් නයිට් 41/2, ඩැනියෙල් හේසල් 51/1
එංගලන්තය පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී - 246 යි
සාරා ටේලර් 22, හීතර් නයිට් 46, ෆ්‍රෑන් විල්සන් 81, කැතරීන් බ්‍රන්ට් 24, දීප්ති ෂර්මා 47/3, එස්. පාන්ඩේ 35/2, පූනම් යදාව් 51/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.