Coss Ear2
lakbima.lk
COSS Ear 1
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් ලැබිය.
බ්‍රිස්ටල්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 188ක් රැස් කළ අතර, නවසීලන්තය පන්දුවාර 37.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා සුසී බේට්ස් පන්දු 109කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 106ක් රැස් කළ අතර, ඇයට අනගි සහයක් ලබාදුන් ඇමී සැටර්ත්වේට් නොදැවී ලකුණු 78ක් රැස් කරමින් ජය තහවුරු කළහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 53ක් රැස් කළ අතර, නිපුනි හංසිකා (31) සහ චමරි ‍පොල්ගම්‍පොල (49) පිත්තෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා ඉනිම බිඳ දමමින් ලකුණු 35කට කඩුලු 5ක් බිඳ හෙලූ හෝලි හඩ්ල්ස්ටන් තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවාය.
 
ලකුණු තත්ත්වය :- 
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50දී - 188/9යි
නිපුනි හංසිකා 31, චමරි ‍පොල්ගම්‍පොල 49, චමරි අතපත්තු 53, ශෂිකලා සිරිර්ධන 16, හොලී හඩ්ල්ස්ටන් 35/5, ලියා තහුහු 39/1, සොෆියා ඩිවයින් 31/1, ඇමලියා කෙර් 13/1
නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 37.4කදී 189/1යි
සුසී බේට්ස් (නොදැවී) 106, ඇමී සැටර්ත්වේට් (නොදැවී) 78, චන්දිමා ගුණරත්න 20/1
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.