Coss Ear2
lakbima.lk
COSS Ear 1
ඩයලොග් ආසිආටා සමාගම අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා සුපර් 7 රග්බි තරගාවලියේ පළමු අදියර ජූලි 8 සහ 9දා නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ දෙවැනි අදියර සහ අවසන් මහා තරගය ජූලි 15 සහ 16 දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
ඩයලොග් සුපර් 7 රග්බි තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැති අතර, මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හිමිකරුවන් 8 දෙනකු ක්‍රීඩකයන් ලබා ගැනීමට නියමිතව තිබේ.
මේ අනුව මෙවර තරගාවලියට ඇක්සස් කිංග්ස්, කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස්, එටිසලාට් පැන්තස්, ජ්ඛක වූල්ව්ස්, ම්ඕඉඹ් ඩ්‍රැගන්ස්, සොෆ්ට්ලොජික් වොරියර්ස්, මොබිටෙල් ඊගල්ස් සහ වෝකර්ස් වයිපර්ස් කණ්ඩායම් ඉදිරිපත් වී සිටිති.
මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර රග්බි තරගවල ක්‍රීඩා කර ඇති සුපිරි ක්‍රීඩකයන් රැසක් එක්වීමට නියමිතව ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
මේ අනුව ෆීජි, නවසීලන්තය, සමෝවා, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන රටවල් නියෝජනය කර ඇති ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් ඩයලොග් සුපර් 7 තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේදී සමස්ත ශූරතාව දිනා ගැනීමට මොබිටෙල් ඊගල්ස් සමත් වූ අතර, ඔවුනට තියුණු සටනක් ලබා දීමට කාගිල්ස් ග්ලැඩියේටර්ස් සමත් විය.
මෙම තරගාවලියට සමගාමීව පාසල් සත් සාමාජික තරගාවලියක්ද පැවැත්වෙන අතර, එහිදී අවුරුදු 16න් පහළ සහ 18න් පහළ තරගාවලි දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියට මහනුවර ත්‍රිත්ව, ශා. අන්තෝනි, කිංග්ස්වුඩ්, ධර්මරාජ සහ කොළඹ ශා. ජෝශප්, ශා. පීතර, ඉසිපතන, විද්‍යා, වෙස්ලි සහ සහිරා විදුහල් සහභාගි වෙයි.
 
මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.