Coss Ear2
lakbima.lk
COSS Ear 1
මේ මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට පැමිණීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායම නෙදර්ලන්ත තරග සංචාරයේදී සහභාගි වූ පළමු එක්දින තරගයේදීම නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
මේ අනුව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස සිම්බාබ්වේ පෙරමුණ ගෙන සිටින අතර, දෙවැනි එක්දින තරගය අද (22) නෙදර්ලන්තයේ ඇම්ස්ටල්වීන්හිදී පැවැත්වේ.
පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිම ටෙන්ඩායි චටාරා සහ ක්‍රිස් මෝෆුගේ පන්දු යැවීම හමුවේ පන්දුවාර 37.5කදී ලකුණු 142කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පන්දුවාර 30.2කදී කඩුලු 4ට ලකුණු 144ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටෙන්ඩයි චටාරා ලකුණු 34කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් ක්‍රිස් මෝෆු ලකුණු 30ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු හඹායාමේදී කේ‍ර්ග් එර්වින් (44) සහ සිකන්දර් රාසා (නොදැවී 31) පිත්තෙන් දස්කම් දක්වමින් සිම්බාබ්වේ ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 8ක් ලකුණු 40ක් තුළ බිඳ වැටී තිබියදී හුදෙකලා සටනක නිරත වූ ලොගන් වැන් බික් නොදැවී ලකුණු 64ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ටිම් වැන්ඩර් ගුග්ටන් ලකුණු 34ක් රැස් කරමින් 9 වැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
 
ලකුණු තත්ත්වය :-
 
නෙදර්ලන්තය පන්දුවාර 37.5කදී - 142යි
ස්ටෙපන් මයිබර්ග් 14, ලොගන් වැන් බිග් නොදැවී 64, ටිම් වැන්ඩර් ගුග්ටන් 34, ටෙන්ඩායි චටාරා 34/5, ක්‍රිස් මෝෆු 30/3, සොලමන් මීර් 23/1, සිකන්දර් රාසා 8/1
 
සිම්බාබ්වේ පන්දුවාර 30.2කදී - 144/4යි
හැමිල්ටන් මසකඩ්සා 26, කේ‍ර්ග් අර්වින් 44, සිකන්දර් රාසා නොදැවී 31, ෂේන් සැන්ට්නර් 21/1, ලොගන් වැන් බික් 27/1, ‍පෝල් වැන් මීකරන් 25/1, මිචෙල් රි‍පොන් 25/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.