Coss Ear2
lakbima.lk
COSS Ear 1


චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (15දා) බර්මින්හැම්හිදී පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කළ ඉන්දියාව පාකිස්තානය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.
මේ අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගය ලබන 18දා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඊයේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50දී කඩුලු 7කට ලකුණු 264ක් ලබාගත් අතර, ඉන්දියාව පන්දුවාර 40.1කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කරමින් පහසු ජයක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මා පන්දු 129කදී හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 123ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, ධවාන් ලකුණු 46කට දැවී යාමෙන් පසු පිටියේ එක්වූ කෝලි සහ රෝහිත් ෂර්මා අදාළ ඉලක්කය පහසුවෙන් පසු කළේය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විරාත් කෝලි පන්දු 78කදී හතරේ පහර 13ක් සහිතව නොදැවී ලකුණු 96ක් ලැබිය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 70ක් වාර්තා කළ අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 61ක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ කෙදර් ජදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය :-

බංග්ලාදේශය

පන්දුවාර 50දී - 264/7යි
තමීම් ඉක්බාල් 70, සෞම්‍යා සකාර් 0, සබිර් රහමන් 19,
මුෂ්ෆිකර් රහීම් 61, ෂකිබ් අල් හසන් 15, මහමදුල්ලා 21, මොසඩැක් හොසේන් 15, මෂ්රෆී මොර්ටාසා (නොදැවී) 30, ටස්කින් අහමඩ් (නොදැවී) 10, බුවනේෂ්වර් කුමාර් 53/2, ජස්ප්‍රිට් බුම්රා 39/2, රවින්ද්‍ර ජඩේජා 48/1, කෙදර් ජදාව් 22/2

ඉන්දියාව

පන්දුවාර 40.1කදී - 265/1යි
රෝහිත් ෂර්මා (නොදැවී) 123, ෂිකර් ධවාන් 46, විරාත් කෝලි (නොදැවී 96), මෂ්රෆී මොර්ටාසා 29/1
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.