Coss Ear2
lakbima.lk
COSS Ear 1

එංගලන්ත-පාකිස්තානු අවසන් පූර්ව තරගය අද

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය අද (14දා) කාඩිෆ්හි සොෆියාගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එංගලන්ත පිල එවයින් මෝගන් විසින් මෙහෙයවනු බන අතර, පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
එංගලන්තය මෙම තරගාවලියේ මූලික වටයේදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංගලිදේශය පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසුණි.
පාකිස්තානය මූලික වටයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූ අතර, ඉන්දියාව වෙතින් පරාජයට පත්විය.
අද තරගය පැවැත්වෙන කාඩිෆ් පිටියේදී එංගලන්තය මූලික වටයේදී නවසීලන්තය සමග තරග වැදී ඉන් ජයගත් අතර, පාකිස්තානයද ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 3ක ජයක් ලැබිය.
මෙවර තරගාවලියේදී එංගලන්ත පිතිකරු ලැයිස්තුව ප්‍රබල තත්ත්වයක පසුවන අතර, ජෝ රූට්, එවයින් මෝගන්, ඇලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටෝක්ස් ලකුණු 150 සීමාව පසු කිරීමට සමත් වී සිටියි.
එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි තරගාවලිය පුරාම අසාර්ථක වී සිටින අතර, ඔහු වෙනුවට ජොනී බේස්ටෝව් යෙදවීම පිළිබඳව අද පෙරවරුවේ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
එංගලන්ත වේගපන්දු බළඇණියද තරගාවලිය පුරා දස්කම් දැක්වූ අතර, ප්ලන්කට් සහ මාක් වූඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ. දඟ පන්දු යවන්නා වන අදිල් රෂීඩ් ද තරගාවලිය පුරාම පිතිකරුවන්ට තර්ජනයක් වී තිබේ.
පාකිස්තානු පිතිකරු ලැයිස්තුව මෙවර තරගාවලියේදී එතරම් දස්කම් දැක්වීමට සමත් වී නොතිබිම කැපී පෙනෙන අතර, පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බොහෝ තරග ජය ගැනීමට හැකිවිය.
මේ අනුව අද මොහොමඩ් අමීර්, ජුනේඩ් ඛාන් සහ හසන් අලීගෙන් එංගලන්ත පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල වෙතැයි අපේක්ෂා කෙරේ.
තරගාවලිය පුරා කණ්ඩායම් දෙක දැක්වූ දස්කම් මැන බැලීමේදී එංගලන්තය තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටින නමුත්, පාකිස්තානය ඕනෑම පෙරළියක් කළ හැකි කණ්ඩායමක් ලෙස ප්‍රකාශ වී තිබේ.
අද එංගලන්ත පිතිකරුවන් ලෙස මෝගන්, රූට්, හේල්ස්, ස්ටෝක්ස් ජේසන් රෝයි හෝ ජොනී බේස්ටෝව්, ජොස් බට්ලර් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
වේගපන්දු යවන්නන් ලෙස ලියම් ප්ලන්කට්, ජේක් බෝල් සහ මාක් වුඩ් ක්‍රීඩා කරන අතර දඟ පන්දු යවන්නන් ලෙස අදිල් රෂීඩ් සහ මොයින් අලී ක්‍රීඩා කරති.
පාකිස්තානු පි‍ලේ පිතිකරුවන් ලෙස අසාර් අලී, ෆකාර් සමාන්, බාබර් සමාම්, මොහොඩම් හෆීස්, ෂොයිබ් මලික් සහ සෆ්රාස් අහමඩ් ක්‍රීඩා කරති.
වේග පන්දු යවන්නන් ලෙස මොහොමඩ් අමීර්, ජුනේඩ් ඛාන්, හසන් අලී සහ ෆාහිම් අෂ්රෆ් ක්‍රීඩා කරන අතර, දඟ පන්දු යවන්නා ලෙස උමාර් වසීම් ක්‍රීඩා කරයි.
 
එංගලන්ත සංචිතය
එවයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බේස්ටෝව්, ජේක් බෝල්, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, අදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්
 
පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, අසාර් අලී, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, හැරිස් සොහෙල්, ඉමාඩ් වසීම්, ෆකාර් සමාන්, ෆාහිම් අෂ්රෆ්, මොහොමඩ් අමීර්, රුම්මාන් රේස්, ජුනේඩ් ඛාන්, හසන් අලී, ෂඩාබ් ඛාන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.