Coss Ear2
lakbima.lk
COSS Ear 1
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (11දා) පැවැති දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 44.3කදී ලකුණු 191කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර, අදාළ ඉලක්කය කඩුලු 2ක් දැවී පසු කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.
මේ අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගය ලබන 15දා බර්මින්හැම්හිදී පැවැත්වේ.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට ෂිකර් ධවාන් සහ විරාත් කෝලි සමත් වූ අතර, ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සම්බන්ධතාවක් වාර්තා විය.
ධවාන් පන්දු 83කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 78ක් වාර්තා කළ අතර, විරාත් කෝලි පන්දු 101කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 76ක් වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කුයින්ටන් ඩි කොක් ලකුණු 53ක් වාර්තා කළ අතර, හෂීම් අම්ලා ලකුණු 35ක්ද, ඩුප්ලෙසිස් ලකුණු 36ක්ද වාර්තා කළේය.
දකුණු අප්‍රිකානු ඉනිමේදී කඩුලු 2ක් දැවී ලකුණු 140ක් ලබා සිටියද ඩිවිලියර්ස් සහ මිලර් දුවද්දී දැවී යාමෙන් ඉනිම බිඳ වැටුණි.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, ඇෂ්වින්, පාන්ඩයා සහ ජඩේජා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
දකුණු අප්‍රිකාව පන්දුවාර 44.3කදී සියලු දෙනා දැවී - 191යි
කුයින්ටන් ඩි කොක් 53, හෂීම් අම්ලා 35, ෆැෆ් ඩුප්ලෙසිස් 36, ඒ.බි. ඩිවිලියර්ස් 16, ඩේවිඩ් මිලර් 1, ජේ.පී. ඩුමිනි (නොදැවී) 20, ක්‍රිස් මොරිස් 4, ඇන්ඩි‍ලේ පෙලුක්වායෝ 4, කගිසෝ රබාඩා 5, මෝනි මෝකල් 0, ඉම්රාන් තහීර් 1, බුවනේෂ්වර් කුමාර් 23/2, ජස්ප්‍රිට් බුම්රා 28/2, රවිචන්ද්‍රන් ඇෂ්වින් 43/1, හර්දික් පාන්ඩයා 52/1, රවින්ද්‍ර ජඩේජා 39/1
 
ඉන්දියාව පන්දුවාර 38කදී කඩුලු 2ක් දැවී - 193යි 
රෝහිත් ෂර්මා 12, ෂිකර් ධවාන් 78, විරාත් කෝලි (නොදැවී) 76, යුවරාජ් සිං (නොදැවී) 23, මෝනි මෝකල් 38/1, ඉම්රාන් තහීර් 3/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.