Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා විශිෂ්ට ජයක් වාර්තා කරයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (8දා) ඕවල්හි පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍පොරොත්තු අලුත්කර ගැනීමට සමත් විය.
මේ අනුව ‘බි’ කොටසින් තරග වදින ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අපිකාව සහ පාකිස්තානය එක් තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටින අතර, ඉදිරියේදී පවැත්වීමට නියමිත ඉන්දියා-දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට පිවිසෙයි.
මේ අනුව ලබන 12 දා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
ඊයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 321ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 48.4කදි කඩුලු 3ට ලකුණු 322ක් ලබමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 7කට දැවී ගියද ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් එක්ව ලකුණු 159ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේය.
ධනුෂ්ක ගුණතිලක පන්දු 72කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 76ක් වාර්තා කළ අතර, අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.
පන්දු 93කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 89ක් රැස් කළ කුසල් මෙන්ඩිස්ද දුවද්දී දැවී යාමකට හසු වූ අතර, ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් තබා තිබියදී පන්දු  44කදී හතරේ පහර 5ක් සහිතව ලකුණු 47ක් ලබාගත් කුසල් ජනිත් ආබාධයකට ගොදුරු වීමෙන් පිටියෙන් ඉවත් විය.
ඉන්පසු පිටියේ එක්වූ නායක මැතිව්ස් සහ අසේල ගුණරත්න ලකුණු 51ක නොබිඳුණු සම්බන්ධතාවක් තබමින් ඉනිමේ 49 වැනි පන්දු වාරයේදී ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
නායක මැතිව්ස් පන්දු 45කදී හතරේ පහර 6ක් සහිතව නොදැවී ලකුණු 52ක් ලබාගත් අතර, අසේල ගුණරත්න පන්දු 21කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 34ක් වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ෂිකර් ධවාන් පන්දු 128කදී හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 125ක් වාර්තා කළේය.
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පන්දු 79කදී ලකුණු 78ක් ලැබූ අතර, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 51කදී ලකුණු 63ක් ලැබිය.

ලකුණු පුවරුව

ඉන්දියාව

රෝහිත් ෂර්මා ඇ. තිසර ප. මාලිංග78(79)
ෂිකර් ධවාන් ඇ. මෙන්ඩිස් ප. මාලිංග125(128)
විරාත් කෝලි ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්0(5)
යුවරාජ් සිං ප. ගුණරත්න 7(18)
එම්.එස්. දෝනි ඇ. චන්දිමාල් ප. තිසර63(52)
හර්දික් පාන්ඩයා ඇ. කුසල් ප. ලක්මාල් 9(5)
කෙදර් ජදාව් (නොදැවී)25(13)
රවින්ද්‍ර ජඩේජා (නොදැවී)0(0)

අතිරේක 14

මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී)321

කඩුලු බිඳ වැටීම :- 1-138, 2-139, 3-179, 4-261, 5-278, 6-307
පන්දු යැවීම :- ලසිත් මාලිංග 10-0-70-2, සුරංග ලක්මාල් 10-1-72-1, නුවන් ප්‍රදීප් 10-0-73-1, තිසර පෙරේරා 9-0-54-1,
ධනුෂ්ක ගුණතිලක 8-0-41-0, අසේල ගුණරත්න 3-0-7-1

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ඇ. ජඩේජා ප. බුවනේෂ්වර්7(18)
ධනුෂ්ක ගුණතිලක දු.දැ.ගි. (යදාව්/දෝනි)76(72)
කුසල් මෙන්ඩිස් දු.දැ.ගි. (බුවනේෂ්වර්)89(93)
කුසල් ජනිත් (තුවාල ලබා ඉවත් වුණා)47(44)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)52(45)
අසේල ගුණරත්න (නොදැවී)34(21)

අතිරේක 17

මුළු ලකුණු (පන්දුවාර 48.4දී කඩුලු 3ක් දැවී)322

කඩුලු බිඳ වැටීම :- 1-11, 2-170, 3-196 (කුසල් ජනිත් තුවාල ලබා ඉවත් වුණා), 3-271
පන්දු යැවීම :- බුවනේෂ්වර් කුමාර් 10-0-54-1, උමේෂ් යදාව් 9.4-0-67-0, ජස්ප්‍රිට් බුම්රා 10-0-52-0, හර්දික් පාන්ඩයා 7-1-51-0, රවින්ද්‍ර ජඩේජා 6-0-52-0, කෙදර් ජදාව් 3-0-18-0, විරාත් කෝලි 3-0-17-0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.