Coss Ear2
lakbima.lk
COSS Ear 1
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයෙන් ලකුණු 87ක ජයක් වාර්තා කළ එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 49.3කදී ලකුණු 310ක් ලබාගත් අතර, නවසීලන්තයට පන්දුවාර 44.3කදී ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක වාර්තා කිරීමට ජෝ රූට් (64), ඇලෙක්ස් හේල්ස් (56) සහ ජොස් බට්ලර් (නොදැවී 61) සමත් වූ අතර, බෙන් ස්ටෝක්ස් වේගවත් ලකුණු 48ක් වාර්තා කළේය.
එංගන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලියම් ප්ලන්කට් කඩුලු 4ක් බිඳ හෙලූ අතර, අදිල් රෂීඩ් සහ ජේක් බෝල් කඩුලු 2 බැගින් බිඳ හෙලීය.
 
ලකුණු තත්ත්වය :-
එංගලන්තය පන්දුවාර 49.3කදී - 310යි
ජේසන් රෝයි 13, ඇලෙක්ස් හේල්ස් 56, ජෝ රූට් 64, එවයින් මෝගන් 13, බෙන් ස්ටෝක්ස් 48, ජොස් බට්ලර් නොදැවී 61, මොයින් අලී 12, අදිල් රෂීඩ් 12, ලියම් ප්ලන්කට් 15, මාක් වුඩ් 0, ජේක් බෝල් 0, සවුති 44/2, බෝල්ට් 56/1, මිල්නේ 79/3, ඇන්ඩර්සන් 55/3, සැන්ට්නර් 54/1
නවසීලන්තය පන්දුවාර 44.3කදී -223යි
ගප්ටිල් 27, රොන්කි 0, විලියම්සන් 87, රොස් ටේලර් 39, නීල් බෘෘම් 11, ජිමී නීෂම් 18, කෝරි ඇන්ඩර්සන් 10, සැන්ට්නර් 3, මිල්නේ 10, සවුති 2, බෝල්ට් නොදැවී 0, ජේක් බෝල් 31/2, මාක් වුඩ් 32/1, ප්ලන්කට් 55/4, ස්ටෝක්ස් 46/1, රෂීඩ් 47/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.