Coss Ear2
lakbima.lk
COSS Ear 1

වර්ෂාවෙන් ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ සටනේ විසඳුමක් නෑ

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ඕස්ට්‍රේලියව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
මේ අනුව දෙපිලටම 1 ලකුණ බැගින් හිමිවූ අතර, සහභාගි වූ තරග දෙකම වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ඕස්ට්‍රේලියාවට ලකුණු 2ක් පමණක් හිමිවී තිබේ.
මේ අනුව ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට එළැඹෙන 10දා පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුව තිබේ.
මේ වන විට ‘ඒ’ කොටසේ එක් තරගයක් ජය ගත් එංගලන්තය පෙරමුණ ගෙන සිටින අතර, ඕස්ට්‍රේලියාව තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වීමෙන් ලකුණු 2ක් ලබා දෙවැනි තැන සිටියි.
නවසීලන්තය සහ බංග්ලාදේශයේ එක් තරගය බැගින් විසඳුමකින් තොරව අවසන් වීම නිසා 1 ලකුණ බැගින් ලබා සිටියි.
මේ අනුව ඊයේ (5දා) පැවැති එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයද තීරණාත්මක තරගයක් වී ඇති අතර, එම තරග ප්‍රතිඵලය කුමක් වුවත් ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනිවාර්යයෙන්ම එංගලන්තය පරාජය කළ යුතුවේ.
ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම පන්දුවාර 44.3කදී ලකුණු 182කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූ අතර, ලකුණු හඹා යාමේදී පන්දුවාර 16කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී වර්ෂාව ඇදහැලුණි. 
බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ තමීම් ඉක්බාල් පන්දු 114කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 95ක් ලබාගත් අතර, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මිචෙල් ස්ටාක් ලකුණු 29ට කඩුලු 4ක් බිඳ හෙළීය. 
 
ලකුණු තත්ත්වය :- 
බංග්ලාදේශය පන්දුවාර 44.3කදී - 182යි
තමීම් ඉක්බාල් 95, සෞම්‍ය සකාර් 3, ඉම්රුල් කේයස් 6, මුෂ්ෆිකර් රහීම් 9, ෂකිබ් අල් හසන් 29, සබිර් රහමන් 8, මහමදුල්ලා 8, මෙහෙදි හසන් 14, මොර්ටාසා 0, රුබෙල් හොසේන් 0, මුස්ටාෆිසූර් රහමන් නොදැවී 1, ස්ටාක් 29/4, හේසල්වුඩ් 40/1, කමින්ස් 22/1, ටේ‍රවිස් හෙඩ් 33/1, හෙන්රිකස් 30/1, ඇඩම් සම්පා 13/1
ඕස්ට්‍රේලියාව පන්දුවාර 16කදී 83/1යි
ඩේවිඩ් වෝනර් නොදැවී 40, ආරොන් ෆින්ච් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 22, රුබෙල් හොසේන් 22/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.