Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්

Cricket

ශ්‍රී ලංකා පිල සහ ස්කොට්ලන්තය අතර කෙන්ට්හිදී පැවැති දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී ලකුණු 166කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 170ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 51කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 74ක් වාර්තා කළ අතර, උපුල් තරංග පන්දු 63කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 53ක් වාර්තා කළේය. උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 114ක සම්බන්ධතාවක් වාර්තා විය. මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය වෙනුවෙන් කේ‍ර්ග් වොලස් ලකුණු 46ක් වාර්තා කළ අතර, මැතිව් කේ‍රාස් ලකුණු 27ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ලක්ෂාන් සඳකැන් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ දැමූ අතර, සීකුගේ ප්‍රසන්න සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින් බිඳ හෙළීය. ලකුණු තත්ත්වය : ස්කොට්ලන්තය පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී - 166යි මැතිව් කේ‍රාස් 27, රිචී බෙරිංටන් 15, කේ‍ර්ග් වොලස් 46, ඇලස්ඩර් එවන්ස් 22, ලක්ෂාන් සඳකැන් 39/4, නුවන් කුලසේකර 23/2, සීකුගේ ප්‍රසන්න 28/2, තිසර පෙරේරා 36/1, නුවන් ප්‍රදීප් 30/0 ශ්‍රී ලංකාව පන්දුවාර 22.5කදී - 170/1යි නිරෝෂන් දික්වැල්ල 29, උපුල් තරංග (නොදැවී) 53, කුසල් මෙන්ඩිස් (නොදැවී) 74, ඇලස්ඩර් එවන්ස් 29/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.