Coss Ear2
lakbima.lk
COSS Ear 1
ආසියානු මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ පැවැති 2 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගාල්ල මහින්ද විදුහ‍ලේ නවෝද්‍ය සංකල්ප සමත් විය.
ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (23දා) මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 53.86කින් අවසන් කරමින් නවෝද්‍ය සංකල්ප එම ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
මෙම ක්‍රීඩා උළෙ‍ලේ මීටර් 200 අවසන් පූර්ව තරගයේදී තත්පර 21.96කින් තරගය නිම කරමින් 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ කොටහේන ශා. බෙනඩික්ට් විදුහ‍ලේ සංතුෂ් වීරසිංහ ඊයේ මීටර් 200 අවසන් තරගයට සහභාගි වෙමින් තත්පර 21.92 කාලයක් වාර්තා කරමින් සිව්වැනියා බවට පත්වී තිබේ.
මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ කුලියාපිටිය මැදි විදුහ‍ලේ අශ්මිතා හේරත්ට ඇගේ හොඳම ඉසව්ව වූ මීටර් 2000 බාධක තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
අශ්මිතා හේරත් මීටර් 2000 සහ 3000 බාධක දිවීමේ තරග සඳහා සහභාගි වීමට කණ්ඩායමට ඇතුළත් වී සිටි අතර, පෙරදින පැවැති මීටර් 3000 බාධක තරගයෙන් පරාජයට පත්වූවාය.
මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 200 ඉසව්වට වඩා  වැඩි ඉසව් සඳහා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැක්කේ එක් ඉසව්වකට පමණක් ලෙස පනවා තිබූ නීතිය අනුව අශ්මිකාට ඊයේ පස්වරුවේ පැවැති මීටර් 2000 බාධක තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
ඊයේ පැවති මීටර් 200 කාන්තා අවසන් තරගයට සහභාගි වූ වත්තල ලයිසියම් විදුහ‍ලේ සචිනි දිව්‍යාංජලී 8 වැනි ස්ථානයට පත්වී තිබේ.
මේ අනුව මෙම ක්‍රීඩා උළෙල නිමාවට පත්වන විට ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් (හර්ෂ කරුණාරත්න - මීටර් 800) සහ ලෝකඩ පදක්කමක් පමණක් හිමිවිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.