Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියනු ශූරතා රග්බි තරගාවලිය යටතේ ඊයේ (14දා) මලයාසියාවේදී පැවැති ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගයෙන් ලකුණු 24-13 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සමත්විය.
තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 11-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියේය.
තරගය ආරම්භයේදී මුලින්ම ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක රංජන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ශ්‍රී ලංකාව ලකුණු 5-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ඉන් පසු තිලිණ විජේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් දඬුවම් පහර 2 ක් සාර්ථකව නිම කිරීම නිසා ලකුණු තත්ත්වය 11-00 ක් විය.
පළමු භාගයේදී පිලිපීනයට ලකුණු ලබා නොදීමට ශ්‍රී ලංකාව වගබලා ගත්තේය.
දෙවැනි භාගයේදී පිලිපීනය දඬුවම් පහරක් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ සිය තෙවැනි දඬුවම් පහර සාර්ථකව නිම කිරීම නිසා ශ්‍රී ලංකාව ලකුණු 14-03 ක් ලෙස පෙරමුණේ පසුවිය.
යළිත් ක්‍රියාත්මකවූ ශ්‍රී ලංකා පිල තිලිණ, නිෂෝන්, රොෂාන් සහ රිචඩ් ධර්මපාලගේ සම්බන්ධතාවයෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රිචඩ් ධර්මපාල සමත්විය. එහි ප්‍රවර්තනය සාර්ථකව නිම කිරීමට තිලිණ විජේසිංහ සමත්වීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 21-03 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ඉන් පසු ක්‍රියාත්මකවූ පිලිපීනය උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ලකුණු තත්ත්වය 21-08 ක් විය.
සිය  දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට පිලිපීනය සමත්වූ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකවීම නිසා ලකුණු තත්ත්වය 21-13 ක් විය.
අවසන් මොහොතේ යළිත් ක්‍රියාත්මක වූ තිලිණ වීජේසිංහ සිය සිව්වැනි දඬුවම් පහර සාර්ථකව නිම කිරීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 24-13 ක ජයක් හිමිවිය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලබන 17දා පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.