Coss Ear2
lakbima.lk
COSS Ear 1

නාරයින්ගේ වේගවත් අර්ධ ශතකයෙන් කල්කටා ජය ගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටා නයිට්රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කල්කටා නයිට්රයිඩර්ස් සමත් විය.
කල්කටා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සුනිල් නාරයින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරමින් කල්කටා ජය මාවත විවර කර දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 15.1කදී කඩුලු 4ට ලකුණු 159ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
පන්දු 15කදී අර්ධ ශතකය වාර්තා කළ සුනිල් නාරයින් දැවී යන විට පන්දු 17කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 54ක් රැස්කර සිටියේය.
නාරයින්ට අනගි සහයක් ලබා දුන් ක්‍රිස් ලින් පන්දු 22කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 50ක් රැස් කරමින් ආරම්භක කඩුල්ලට ලකුණු 105ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
කල්කටා ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ උමේෂ් යදාව් ලකුණු 36ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුනිල් නාරයින් ලකුණු 29ට කඩුලු 2ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් ටේ‍රවිස් හෙඩ් පන්දු 47කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණුූ 75ක් රැස් කළ අතර, මන්දීප් සිං ලකුණු 52ක් වාර්තා කළේය.
ලකුණු තත්ත්වය :-
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී - 158/6යි
ගේල් 0, කෝලි 5, ඒ.බි. ඩිවිලියර්ස් 10, මන්දීප් සිං 52, ටේ‍රවිස් හෙඩ් නොදැවී 75, උමේෂ් යදාව් 36/3, සුනිල් නාරයින්් 29/2
කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 15.1කදී - 159/4යි
ක්‍රිස් ලින් 50, සුනිල් නරේන් 54, ග්‍රෑන්ඩ්හෝම් 31, ගෞතම් ගාම්බිර් 14, පවන් නෙගී 21/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.