Coss Ear2
lakbima.lk
COSS Ear 1
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර පැවැති තරගයෙන් ලකුණු 164ක විශිෂ්ට ජයක් ලැබූ මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මේ වන විට තරග 11කදී ජයග්‍රහණ 9ක් වාර්තා කරමින් ලකුණු 18ක් ලබා මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට පිවිසුණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 212ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 13.4කදී ලකුණු 66කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 43කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 66ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, කිරන් ‍පොලාඩ් පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 63ක් වාර්තා කළේය.
මුම්බායි වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ හර්බජන් සිං සහ කරන් ෂර්මා කඩුලු 3 බැගින් බිඳහෙලූ අතර, ලසිත් මාලිංග පන්දුවාර දෙකකදී ලකුණු 5ට කඩුලු 2ක් බිඳ හෙළීය.
මෙම තරගාවලිය යටතේම සන්රයිසස් හයිද්‍රාබාද් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට රයිසින් පූනේ සමත් විය.
 
ලකුණු තත්ත්වය :- 
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී - 212/3යි
ලෙන්ඩ්ල් සිමන්ස් 66, පාර්තිව් පටෙල් 25, කිරන් ‍පොලාඩ් (නොදැවී) 63, හර්දික් පාන්ඩයා (නොදැවී) 29, රබාඩා 33/1, මිෂ්රා 37/1, කෝරි ඇන්ඩර්සන් 29/1
දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 13.4කදී සියලු දෙනා දැවී - 66යි
කරුන් නයාර් 21, කෝරි ඇන්ඩර්සන් 10, පැට් කමින්ස් 10, හර්බජන් සිං 22/3, කරන් ෂර්මා 11/3, ලසිත් මාලිංග 5/2, මැක්ලෙනගන් 18/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.