Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි දිනයට අදාළ තීරණාත්මක තරග දෙකක් අද (14දා) පැවැත්වේ.
මේ අනුව ලකුණු සටහනේ පළමු තැන හිමිකර ගැනීමට ගාල්ල සහ දඹුල්ල අතර තීරණාත්මක තරගය අද පී. සරා පිටියේදී පැවැත්වෙන අතර, කොළඹ සහ මහනුවර අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත්ව ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ දඹුල්ල ඉන්පසු පැවැති තරග දෙකම ප්‍රසාද ලකුණද සමග ජය ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණු අතර, ගාල්ල තවදුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත් වී සිටියි.
මතෛක් පැවැති තරග හතරෙන් තරග 3ක් ජයගත් ගාල්ල ලකුණු 13ක් සමගින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, තරග 4න් 2ක් ජයගත් දඹුල්ල ලකුණු 10ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගාවලියේ පළමු තරග දෙක ජයගත් කොළඹ අවසන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ලකුණු 8ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, තරග 4න් එක් තරගයක් පමණක් ජයගත් මහනුවර ලකුණු 4ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
සිව්වැනි දිනයට අදාළ තරග යටතේ පී. සරා පිටියේ පැවැති තරගයේදී ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ගල්ල හමුවේ අවසන් ස්ථානයේ පසු වූ මහනුවර කඩුලු 3කින් පරාජය ලැබිය.
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ කොළඹ කඩුලු 6කින් පරාජය කිරීමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ දඹුල්ල සමත් විය.
මෙම තරගවලදී ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් නායක උපුල් තරංග ලකුණු 127ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට (ලකුණු 215ක්) පත්විය.
ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම්  දක්වමින් කඩුලු 4ක් බිඳහෙලූ මලින්ද පුෂ්පකුමාර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට (කඩුලු 9) පත්විය.
දඹුල්ල ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි පන්දු 83කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 96ක් රැස් කළේය.

 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.