Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාත‍ලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන ලද ඒ.ජේ. විජේසිංහ කුසලාන ආරාධිත පාසල් අවු. 20න් පහළ බාලක හොකී ශූරතාව දිනා ගැනීමට මාත‍ලේ ක්‍රිස්තුදේව විදුහල් පිල සමත් විය.
ක්‍රිස්තුදේව විදුහලට හිමි ‘ඒ.ජේ. විජේසිංහ අනුස්මරණ කුසලාන’ ප්‍රධාන ආරාධිතයා වූ මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා අතින් ලබාගන්නා අයුරු ඡායාරූපයේ...
(සපුමල්)

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය නෙස්‍ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වන ලද 26 වැනි මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු තරගාවලියේදී පිට පිටම  10 වැනි වරටත් සමස්ත ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය සමත් විය.
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවු. 13න් පහළ සහ 19න් පහළ ශූරතාව දිනාගත් කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය අවු. 17න් පහළ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ සමස්ත අනුශූරතාව කොළඹ විශාඛා සහ කළුතර බාලිකාවට සම ලෙස හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000ට වඩා අඩු පාසල් වෙනුවෙන් පැවැති ‘බි’ කාණ්ඩයේ තරගාවලියේදී බුත්තල රන්ජන් විජේරත්න විදුහල පිට පිට දෙවැනි වරටත් අවුරුදු 19න් පහළ ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක් විය.
‘ඒ’ කාණ්ඩයේ අවු. 19න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සුසීමා කුමාරි බණ්ඩාර (කු/ ශු. ප. කන්‍යාරාමය) , අවු. 17න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සනුද්‍රි තුඩුවගේ (විශාඛා), අවු. 15න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඩිලක්ෂි රවිහාරි (කළුතර බාලිකාව) සහ අවු. 13න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දුලාංජලී නිරූපමා ප්‍රනාන්දු (කු/ ශු. ප. කන්‍යාරාමය) සම්මාන දිනා ගත්හ.
තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර, නෙස්‍ලේ ලංකා සමාගමේ සජීව වික්‍රමසිංහ සහ දමිත කුලතුංග යන මහත්වරුන් ද ඊට එක්වූහ.

තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය
19න් පහළ ශූරතාව - කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, අනුශූරතාව - විශාඛා විදුහල
17න් පහළ ශූරතාව - විශාඛා විදුහල, අනුශූරතාව - කළුතර බාලිකාව
අවු. 15න් පහළ ශූරතාව - කළුතර බාලිකාව, අනුශූරතාව - මියුසියස් විදුහල
අවු. 13න් පහළ ශූරතාව - කුරුණෑගල ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, අනුශූරතාව - මහනුවර උසස් බාලිකාව
‘බි’ කාණ්ඩය
අවු. 19න් පහළ ශූරතාව - බුත්තල රන්ජන් විජේරත්න විදුහල, අනුශූරතාව - බලංගොඩ රත්මලවින්න මහ විදුහල
අවු. 17න් පහළ ශූරතාව - බණ්ඩාර‍පොල මහ විදුහල, අනුශූරතාව - සිරිමල්වත්ත මහ විදුහල
අවු. 15න් පහළ ශූරතාව - කැලණිය ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමය, අනුශූරතාව - මාතර කොකාවල මහ විදුහල

නිමල්සිරි එදිරිසිංහ

ශ්‍රී ලංකා යුද හමුදා පැරා පිහිනුම් තරගාවලියේදී රන් පදක්කම් 21ක් දිනාගත් පාබල රෙජිමේන්තුව ශූරතාව දිනා ගැනීමට සමත් විය.
යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුව 20 වෙනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය පනාගොඩ පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
මෙම තරගාවලියට පාබල, විජයබා, කාලතුවක්කු, ගැමුණු හේවා, සිංහ සහ ගජබා රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වූහ.
ජයග්‍රාහී පාබල රෙජිමේන්තුව ශූරතා කුසලාන ලබාගන්නා අයුරු ඡායාරූපයේ දිස්වේ.

ධර්මසිරි විජේරත්න - හංවැල්ල

චීනයේ චැංගින් නුවර පැවැති 13 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී කුලීෂ සාරනාත් රන් පදක්කමක් දිනාගත් අතර, විනෝලි ඔනෙත්මා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.
මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාස‍ලේ කුලීෂ සාරනාත් නානායක්කාර අවු. 15න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩකයින් 24 දෙනෙක් අතුරින් තරග වට 9කදී ලකුණු 7.5ක් හිමිකර ගනිමින් අපරාජිතව රන් පදක්කම දිනාගෙන තිබේ.
මෙම ජයග්‍රහණයත් සමගින් ඔහුට ලෝක චෙස් සම්මේලනය විසින් පිරිනමන “ෆිඩේ මාස්ටර්” නාමය හිමිවී තිබේ.
කොළඹ විශාකා විද්‍යාලයේ  විනෝලි ඔනෙත්මා විතානාරච්චි අවු. 11න් පහළ ඉසව්වේදී තරග වට 9න් වට 5ක් ජය ගනිමින්, 2ක් පරාජයට පත්ව,  2ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගනිමින් ලකුණු 6ක් ලබා ක්‍රීඩිකාවන් 19 දෙනෙක් අතුරින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් 26 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ අවසන් තරග අගෝස්තු 3, 4 සහ 5 දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවු. 13න් පහළ 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් සීමා අනුව ‘ඒ’ හා ‘බි’ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000ට අඩු පාසල් සඳහා ‘බි’ කාණ්ඩය ක්‍රියාත්මකවේ.
මයිලෝ දැල්පන්දු ශූරතා කුසලාන නෙස්‍ලේ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නන්ගර මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පිළිගැන්වීමෙන් අනතුරුව නෙස්‍ලේ උප සභාපති බන්දුල එගොඩගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන් සමග කණ්ඩායම් නායිකාවන් ඡායාරූපයෙන් දිස්වේ.
 
නිමල්සිරි එදිරිසිංහ

Badmintan

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සංවිධානය කරන ලද ජාතික ශූරතා බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 13න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනාගත් හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ හංසි නවෝදා විජේගුණවර්ධන සහ අනුශූරතාව දිනාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහ‍ලේ පවනි වන්දනා ප්‍රේමරත්න ඡායාරූපයෙන් දිස්වේ. 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.