Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් තරගාවලියේදී කොළඹ සුපිරි පාසල් අභිබවමින් ‍පොළොන්නරුව රාජකීය විදුහල මෙවර බාලක ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
දින තුනක් පුරා ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පාසල්වල ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගි වූ අතර, බාලක අනුශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල සතුවිය.
මෙම තරගාවලියේ බාලිකා ශූරතාව කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය දිනාගත් අතර, අනුශූරතාව නුගේගොඩ අනුලා විදුහල සතුවිය. ජයග්‍රාහී ‍පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ඡායාරූපයෙන් දිස්වේ...
 
ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

ජාතික පාපැදි සංගමයේ නිලවරණය නොවැම්බර් 12දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 23 දින දහවල් 12 දක්වා නාම යෝජනා භාර ගන්නා අතර, ඔක්තෝබර් 24දා සවස 2.00 දක්වා විරෝධතා භාරගනු ලැබේ.
පිළිගත් නාමයෝජනා ඔක්තෝබර් 28දා ක්‍රීඩා සංගම් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ වෙත දැනුම් දෙනු ලැබේ.
පාපැදි නිලවරණය පිළිගත් නිරීක්ෂණ කමිටුවක් යටතේ පවත්වන ලෙස  ක්‍රීඩා අමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුව ඇන්ටන් රාජා ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් නම් කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥ සතිෂ් වර්ණකුලසූරිය, කේ.ජී. හේමපාල, අජිත් මනෝධර සහ  සුභානි උඩවත්ත (ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත) යන මහත්ම මහත්මීන් ඇතුළත් වෙති.

(ප්‍රභාත්)

යාපනය දිස්ත්‍රික්කය තුළ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අඛණ්ඩව පස්වන වරටත් පවත්වනු ලබන මයිලෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 4දා යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරග වදින ක්‍රීඩා සමාජ 210ට අමතරව මෙවර ප්‍රථම වරට පාසල් කණ්ඩායම් 100ක්ද එක්වී සිටිති.

සමස්ත තරගාවලිය තරග 300කින් සමන්විත වන අතර, ප්‍රදේශ 11ක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට තරග පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය, යාපනය පාපන්දු සංගමය සහ නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පසුගිය ඔක්තෝබර් 7දා ආරම්භ කෙරුණි.

(ප්‍රභාත්)

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය එක්ව ඩී.එස්.අයි. සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 17 වැනි ඩී.එස්.අයි. සුපර් ස්‍පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග මේ මස 23 සහ 24 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
අවු. 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් සීමා යටතේ බාලක-බාලිකා වශයෙන් පැවැති මෙම තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග සඳහා කණ්ඩායම් 16ක් සුදුසුකම් ලබා සිටියි.
මාරවිල ශා. ෂේවියර්, හුංගම විජයබා සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල්වලින් වයස් කාණ්ඩ 3ක් යටතේ කණ්ඩායම් 3ක් බැගින් අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිදුවීමකි.
අවු. 15න් පහළ, 17න් බාලිකා සහ අවු. 15න් පහළ බාලක අවසන් තරග 23දා පැවැත්වේ.
අවු. 13න් පහළ, 17න් පහළ, 19න් පහළ බාලක අවසන් තරග සහ අවු. 13න් පහළ, 19න් පහළ බාලිකා අවසන් තරග 24දා පැවැත්වේ.  
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල-පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, සීමාසහිත ඩී. සැම්සන් කර්මාන්ත සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් 24 දා පස්වරුවේදී පැවැත්වේ.
 
අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 
 
බාලක
අවු. 13න් පහළ
රුවන්වල්ල රාජසිංහ සහ මාරවිල ශා. ෂේවියර්
අවු. 15න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ රුවන්වැල්ල රාජසිංහ
අවු. 17න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ හුංගම විජයබා
අවු. 19න් පහළ
රුවන්වැල්ල රාජසිංහ සහ නාත්තණ්ඩිය දම්මිස්සර
 
බාලිකා 
අවු. 13න් පහළ
අම්පාර උහන තිස්සපුර විදුහල සහ ත්‍රිකුණාමලය රාජකීය විදුහල
අවු. 15න් පහළ
අම්පාර උහන තිස්සපුර මහා විද්‍යාලය සහ හුංගම විජයබා
අවු. 17න් පහළ
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව රතනපාල මහා විදයාලය
අවු. 19න් පහළ
හුංගම විජයබා සහ කෑගල්ල ගලිගමුව මැදි විදුහල
(පමොද්)

කොළඹ රාජකීය විද්‍යාලය සහ රාජකීය හොකී සමාජය සිංගර් සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරන ‘සිංගර්-බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්’ අභියෝග ශූරතා සමස්ත ලංකා පාසල් අවු. 20න් පහළ බාලක-බාලිකා සත් සාමාජික හොකී තරගාවලිය 21-22දා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙම තරගාවලියේ මූලික වටය කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.
දේශීය පාසල් හොකී පිටියේ ප්‍රමුඛතම තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙහි ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ, මාත‍ලේ, මහනුවර, යාපනය, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, ‍පොළොන්නරුව සහ කුරුණෑගල යන ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතය. මෙහි ශූරතා කුසලානට අමතරව පළඟ ශූරතාව, බඳුන ශූරතාව සහ පළිහ ශූරතාව වෙනුවෙන් තරග පැවැත්වේ.
21 වැනි සෙනසුරාදා පෙ.ව. 7.00ට ආරම්භ කෙරෙන මෙම තරගාවලියේ අවසන් තරග 22වැනි ඉරිදා ප.ව. 5.00ට පැවැත්වේ.
 
සපුමල් වීදිය බණ්ඩාර
 

මහව අධ්‍යාපන කොට්ඨාසයේ බලල්ල යූ.බි. වන්නිනායක විද්‍යාලයේ කරාතේ ශූරියක් වන ප්‍රාර්ථනා සෙව්මිනි හෙට්ටිආරච්චි දිස්ත්‍රික් සහ පළාත් කරාතේ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වනු ලැබූ කුරුණෑගල දිස්ත්‍රික් කරාතේ තරගාවලියේදී අවු. 14න් පහළ රිදී පදක්කම දිනාගත් ප්‍රාර්ථනා සෙව්මිණි වයඹ පළාත් තරගාවලියේදී ලෝකඩ පදක්කමද දිනාගෙන තිබේ.
ශෝතෝකාන් කරාතේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කමල් එදිරිසිංහ මහතා ප්‍රාර්ථනා සෙව්මිණිගේ පුහුණුකරුලෙස කටයුතු කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.