Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චී’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (11 සහ 12දා) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා තරගද, ආධුනික කාණ්ඩයේ පිරිමි තරගද පැවැත්වේ.
මෙම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරග සඳහා සහභාගි වෙයි.
දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කරන ලද කාන්තා සහ පිරිමි කණ්ඩායම් 100කගේ සහභාගිත්වයෙන් පසුගිය 4, 5 සහ 6 දිනයන්හි කුරුණෑගල මාලිගාපිටියේදී පැවැති ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් කණ්ඩායම් මෙම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබිය.
නොවැම්බර් 11දා
සුපර් ලීග් - කාන්තා අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ මාස් කැෂුවලයින් අතර
(පෙ.ව. 9.00)
වරාය අධිකාරිය සහ යුද හමුදාව (පෙ.ව. 11.00)
සුපර් ලීග් - පිරිමි අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර (ප.ව. 1.00)
වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය අතර (ප.ව. 3.00)
නොවැම්බර් 12දා
සුපර් ලීග් කාන්තා තෙවැනි ස්ථානය තරගය
(පෙ.ව. 8.00)
සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 2.00)
ආධුනික පිරිමි අවසන් පූර්ව තරග
මහනුවර වැගනර්ස් සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රී.ස අතර (පෙ.ව. 10.00)
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් සහ කෑගල්ල ක්‍රියේටර්ස් අතර (ප.ව. 12.00)
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 4.00)

ප්‍රභාත් විදානපතිරණ

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් පෞද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සිලෝන් මෝටර් ස්‍පෝර්ට්ස් ක්ලබ් සංවිධානය කරන 2018 ආසියානු කුසලාන ගෝ-කාට් තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලිය අග්නිදිග ආසියාවෙන් පිටතදී දකුණු ආසියානු කලාපයේ රටකදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද වෙයි.
සිලෝන් මෝටර්ස් ස්‍පෝර්ට්ස් ක්ලබ් අනුග්‍රහයෙන් මෙම තරගාවලියේදී පැවැත්වෙන ආරාධිත සුපර් ශිෆ්ටර් ජාත්‍යන්තර පන්තියේ ධාවන තරගය සඳහා  ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් රැසක් සහභාගි වෙති.
රටවල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ධාවකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කැඩෙට් පන්තිය (අවු. 8 සිට 12), කනිෂ්ඨ පන්තිය (අවු. 12 සිට 14), ‍‍‍ජ්‍යෙෂ්ඨ පන්තිය (අවු. 14 සිට 30), ප්‍රවීණ පන්තිය (අවු. 30 සිට ඉහළට) සහ සුපර් ශිෆ්ටර් (ජාත්‍යන්තර පන්තිය) යන කාණ්ඩ 5ක් යටතේ පැවැත්වේ.
මෙම ආසියානු කුසලාන ගෝ-කාට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 13 සහ 14 දෙදින බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාටින් සර්කිට්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් තරගාවලියේදී කොළඹ සුපිරි පාසල් අභිබවමින් ‍පොළොන්නරුව රාජකීය විදුහල මෙවර බාලක ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
දින තුනක් පුරා ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පාසල්වල ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගි වූ අතර, බාලක අනුශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල සතුවිය.
මෙම තරගාවලියේ බාලිකා ශූරතාව කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය දිනාගත් අතර, අනුශූරතාව නුගේගොඩ අනුලා විදුහල සතුවිය. ජයග්‍රාහී ‍පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ඡායාරූපයෙන් දිස්වේ...
 
ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

ජාතික පාපැදි සංගමයේ නිලවරණය නොවැම්බර් 12දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 23 දින දහවල් 12 දක්වා නාම යෝජනා භාර ගන්නා අතර, ඔක්තෝබර් 24දා සවස 2.00 දක්වා විරෝධතා භාරගනු ලැබේ.
පිළිගත් නාමයෝජනා ඔක්තෝබර් 28දා ක්‍රීඩා සංගම් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ වෙත දැනුම් දෙනු ලැබේ.
පාපැදි නිලවරණය පිළිගත් නිරීක්ෂණ කමිටුවක් යටතේ පවත්වන ලෙස  ක්‍රීඩා අමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුව ඇන්ටන් රාජා ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් නම් කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥ සතිෂ් වර්ණකුලසූරිය, කේ.ජී. හේමපාල, අජිත් මනෝධර සහ  සුභානි උඩවත්ත (ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත) යන මහත්ම මහත්මීන් ඇතුළත් වෙති.

(ප්‍රභාත්)

යාපනය දිස්ත්‍රික්කය තුළ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අඛණ්ඩව පස්වන වරටත් පවත්වනු ලබන මයිලෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 4දා යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරග වදින ක්‍රීඩා සමාජ 210ට අමතරව මෙවර ප්‍රථම වරට පාසල් කණ්ඩායම් 100ක්ද එක්වී සිටිති.

සමස්ත තරගාවලිය තරග 300කින් සමන්විත වන අතර, ප්‍රදේශ 11ක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට තරග පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය, යාපනය පාපන්දු සංගමය සහ නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පසුගිය ඔක්තෝබර් 7දා ආරම්භ කෙරුණි.

(ප්‍රභාත්)

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය එක්ව ඩී.එස්.අයි. සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 17 වැනි ඩී.එස්.අයි. සුපර් ස්‍පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග මේ මස 23 සහ 24 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
අවු. 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් සීමා යටතේ බාලක-බාලිකා වශයෙන් පැවැති මෙම තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග සඳහා කණ්ඩායම් 16ක් සුදුසුකම් ලබා සිටියි.
මාරවිල ශා. ෂේවියර්, හුංගම විජයබා සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල්වලින් වයස් කාණ්ඩ 3ක් යටතේ කණ්ඩායම් 3ක් බැගින් අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිදුවීමකි.
අවු. 15න් පහළ, 17න් බාලිකා සහ අවු. 15න් පහළ බාලක අවසන් තරග 23දා පැවැත්වේ.
අවු. 13න් පහළ, 17න් පහළ, 19න් පහළ බාලක අවසන් තරග සහ අවු. 13න් පහළ, 19න් පහළ බාලිකා අවසන් තරග 24දා පැවැත්වේ.  
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල-පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, සීමාසහිත ඩී. සැම්සන් කර්මාන්ත සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් 24 දා පස්වරුවේදී පැවැත්වේ.
 
අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 
 
බාලක
අවු. 13න් පහළ
රුවන්වල්ල රාජසිංහ සහ මාරවිල ශා. ෂේවියර්
අවු. 15න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ රුවන්වැල්ල රාජසිංහ
අවු. 17න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ හුංගම විජයබා
අවු. 19න් පහළ
රුවන්වැල්ල රාජසිංහ සහ නාත්තණ්ඩිය දම්මිස්සර
 
බාලිකා 
අවු. 13න් පහළ
අම්පාර උහන තිස්සපුර විදුහල සහ ත්‍රිකුණාමලය රාජකීය විදුහල
අවු. 15න් පහළ
අම්පාර උහන තිස්සපුර මහා විද්‍යාලය සහ හුංගම විජයබා
අවු. 17න් පහළ
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව රතනපාල මහා විදයාලය
අවු. 19න් පහළ
හුංගම විජයබා සහ කෑගල්ල ගලිගමුව මැදි විදුහල
(පමොද්)

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 934

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1718

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3512

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2836

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4063

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5033

Please publish modules in offcanvas position.