Coss Ear2
lakbima.lk
COSS Ear 1

යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් ශූරයෝ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තුව සමත් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12ක් සහ කාන්තා බලකා ඒකක 4ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී විජයබාහු පාබල රෙජිමේන්තුව හමුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පරාජය ලැබිය.
කාන්තා අවසන් තරගයේදී 1 වන කාන්තා බලකාය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට 3 වන (ස්වේච්ඡා) බලකාය සමත් විය.
මෙම තරගාවලිය පසුගියදා පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාගාරයේදී පැවැත්වුණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.