Coss Ear2
lakbima.lk
COSS Ear 1

ස්ලිම්ලයින් සහ යුනිචෙලා සමස්ත ශූරතා දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ රාජකීය-මාස් බොක්සිං වළල්‍ලේදී පවත්වන ලද 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් විය.
මෙවර කාන්තා අංශයේ සමස්ත ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය සතුවිය.
පිරිමි අනුශූරතාව යුද හමුදාව දිනාගත් අතර, හෙල ක්ලෝතින් ක්‍රීඩා සමාජයට කාන්තා අනුශූරතාව හිමි විය.
පිරිමි සහ කාන්තා දෙවැනි අනුශූරතාව පිළිවෙළින් නාවික හමුදාව සහ ගුවන් හමුදාව සතුවිය.
සමස්ත පිරිමි ශූරතාව දිනාගත් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයට  රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ එක් ලෝකඩ පදක්කමක් හිමි විය.
එල්.අයි. පෙරේරා (කි.ග්‍රෑම්. 49) යූ.එන්.කේ. අමරවංශ (කි.ග්‍රෑ. 56), අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක (කි.ග්‍රෑ. 60), දිනිදු දුෂාන් සපරමාදු (කි.ග්‍රෑ. 64), ජී.ජී. ඩිල්ෂාන් ගුණසේකර (කි.ග්‍රෑ. 75) සහ ලහිරු රත්නදිවාකර (කි.ග්‍රෑ. 91ට වැඩි) ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයට රන් පදක්කම් දිනා දීමට සමත් වූහ.
කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමි විය.
අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑ. 48), අනුරාධා ජයසිංහ (කි.ග්‍රෑ. 51), කේෂානි  හංසිකා (කි.ග්‍රෑ. 57), එච්.එන්.කේ.ජී.එල්. උදයංගනී (කි.ග්‍රෑ. 69), ජී.ඩී.එම්. හංසිකා ජයදේව (කි.ග්‍රෑ. 81ට වැඩි) යුනිචෙලා වෙනුවෙන් රන් පදක්කම් දිනා දුන්හ.
දින 5ක් පුරා පැවැති මෙවර තරගා මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ දිනිදු උෂාන් සපරමාදු (කි.ග්‍රෑ. 64 බර පන්තිය) සමත් වූ අතර, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑ. 48 බර පන්තිය) දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
දක්ෂතම ක්‍රීඩකයා වූ දිනිදු සපරමාදු ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාස‍ලේ ආදි ශිෂ්‍යයකු වන අතර, ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභී ක්‍රීඩකයකුද වෙයි. ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභිනියක වන අනූෂා කොඩිතුවක්කු ගිරිඋල්ල හමංගල්ල මහ විදුහ‍ලේ ආදි ශිෂ්‍යාවකි.
මෙවර තරගාවලියේ දක්ෂතම පරාජිතයන් ලෙස කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය නියෝජනය කළ හෙල ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ ඩී.ජී.ආර්.අයි. වර්ණසූරිය නම් කෙරුණු අතර, කිලෝ ග්‍රෑම් 51 බර පන්තිය යටතේ තරග කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
මෙවර පිරිමි සමස්ත ශූරතාව දිනාගත් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් ලෙස රවීන්ද්‍ර වෑකඩ‍පොල, කමල් සමීර, මංජු වන්නිආරච්චි කටයුතු කළ අතර, කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් ලෙස හර්ෂ කුමාර, චමිල අබේරත්න සහ නිපුන ජයසිංහ කටයුතු කළහ.
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නව සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි.

සපුමල් වීදියබණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1932

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2949

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3275

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2373

Please publish modules in offcanvas position.