Coss Ear2
lakbima.lk
COSS Ear 1

මංචි ජාතික ශූරතා වොලිබෝල් අවසන් පූර්ව තරග හෙට ඇරඹේ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චී’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (11 සහ 12දා) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා තරගද, ආධුනික කාණ්ඩයේ පිරිමි තරගද පැවැත්වේ.
මෙම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරග සඳහා සහභාගි වෙයි.
දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කරන ලද කාන්තා සහ පිරිමි කණ්ඩායම් 100කගේ සහභාගිත්වයෙන් පසුගිය 4, 5 සහ 6 දිනයන්හි කුරුණෑගල මාලිගාපිටියේදී පැවැති ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් කණ්ඩායම් මෙම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබිය.
නොවැම්බර් 11දා
සුපර් ලීග් - කාන්තා අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ මාස් කැෂුවලයින් අතර
(පෙ.ව. 9.00)
වරාය අධිකාරිය සහ යුද හමුදාව (පෙ.ව. 11.00)
සුපර් ලීග් - පිරිමි අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර (ප.ව. 1.00)
වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය අතර (ප.ව. 3.00)
නොවැම්බර් 12දා
සුපර් ලීග් කාන්තා තෙවැනි ස්ථානය තරගය
(පෙ.ව. 8.00)
සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 2.00)
ආධුනික පිරිමි අවසන් පූර්ව තරග
මහනුවර වැගනර්ස් සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රී.ස අතර (පෙ.ව. 10.00)
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් සහ කෑගල්ල ක්‍රියේටර්ස් අතර (ප.ව. 12.00)
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 4.00)

ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.