

මාතලේ ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ශා. තෝමස් විදුහලට අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් සහ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකරන බව මේ පිළිබඳව පසුගිය 29දා කොළඹදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අනාවරණය විය.
මෙම ව්යෘතියට අවශ්‍ය ඉඩම් අත්පත්කර ගැනීමේ පළමු කාර්ය අදියර තුනකින් අවසන් කිරීමට සැලසුම්කර තිබේ. මේ අනුව විදුහල ආසන්නයේම ඇති රුපියල් මිලියන 15ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 53ක පමණ ඉඩම් ප්‍රමාණය මිලදී ගැනීම පළමු අදියර යටතේ සිදුකිරීමට නියමිත බව එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙහිදී අදියර තුනේදීම අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් වැයවෙනු ඇති බවත් ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ සභාපති සුජීව ගොඩලියද්ද මහතා අනාවරණය කළේය.
මෙම ඉඩම් මිලදී ගැනීමට විදුහලේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට අවස්ථාවක් ලබා දෙමින් වර්ග අඟලක් රු. 5000 කට මිල නියම කර තිබේ. මේ සඳහා සන්නාම තානාපතිවරු 300 දෙනකු පත්කරන බවත් එම පිරිස තවත් 10 දෙනා බැගින් එකතු කරගනිමින් එය පුළුල් කිරීමට සැලසුම්කර තිබේ.
මේ වන විට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කටාර් රාජ්‍යය, කැනඩාව ඇතුළු විදෙස් රටවල් 16ක පමණ ක්‍රියාත්මක කෙරෙන ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ ශාඛාවන්හීද සන්නාම තානාපතිවරු පත් කිරීමට සැලසුම්කර ඇති අතර, සංකේතාත්මකව පළමු සන්නාම තානාපති ලෙස අදාල ලියවිල්ල සුමේධ චන්ද්‍රරත්න මහතාට පිළිගන්වනු ලැබිය.
මෙම ‘අකුරු කළ පාසලට බිම් අඟලක්’ ව්‍යෘතියේ ඉඩම් මිලදී ගැනීමට ප්‍රථමයෙන්ම කැමැත්ත පළ කළ දෙදෙනා වන චමින්ද තිලකසේකර සහ තිළිණ රණසිංහ යන ආදි ශා. තෝමසුවන් දෙදෙනා මෙම මාධ්‍ය හමුවේදී පළමු අරමුදල් පිරිනැමූහ.
ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පුහුණු කොන්ක්‍රීට් පැති විකට්ටු 2ක් සහ තණ තීරු 5ක් (ටර්ෆ් විකට්) ලබා දීමට තීරණය කර ඇති බවත්, එහි වැඩ කටයුතු සැප්තැම්බර් 20දා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් ශිල්පී ඉංජිනේරු පණ්ඩුල පල්ලේකෝරාල මහතා මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන නිලධාරී ලෙස කටයුතු කරයි.
මෙම මාධ්‍ය හමුව සඳහා මාතලේ ආදි ශා. තෝමස් කොළඹ ශාඛා සභාපති රංජිත් ඇන්තනි මහතා සහ ආදි සිසු සංගමයේ නිලධාරීහු රැසක් එක්වී සිටියහ.
ප්‍රභාත් විදානපතිරණ
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.