Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාබල හමුදාවට නව ගෘහස්ථ ක්‍රීඩාගාරයක්

පනාගොඩ යුද හමුදා ජනපදය තුළ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ගෘහස්ථ ක්‍රීඩාගාරය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත කෙරුණි.
රුපියල් ලක්ෂ 78ක පමණ වියදමින් රෙජිමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය ජාතික මට්ටමේ පහසුකම්වලින් සමන්විත වන අතර, වොලිබෝල්, ස්කොෂ්, පැසිපන්දු, බැඩ්මින්ටන් සහ බර ඉසිලීමේ ක්‍රීඩා සඳහා පහසුකම්වලින් සමන්විතව ඇත.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මූලිකත්වයෙන් සහ අධීක්ෂණයෙන් මෙම නව ක්‍රීඩා සංකීර්ණය ඉදිකෙරුණි.
යුද හමුදාපතිවරයා නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සමරු ඵලකය නිරාවරණය කළ අයුරු ඡායාරූපයේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.