Coss Ear2
lakbima.lk
COSS Ear 1

රූපවාහිනී වොලිබෝල් මූලික වටය අද ඇරඹේ

31 වැනි රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි සහ කාන්තා මූලික වටයේ තරග අද (28දා) මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්‍ලේ අනුස්මරණ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.
සැප්තැම්බර් 2දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය ජාතික තරුණසේවා සභාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබයි.
සුපර් ලීග් පිරිමි අංශය යටතේ ජාතික තරුණ සේවා සභාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය සහ බ්‍රැන්ඩික්ස් යන කණ්ඩායම් 7 තරග වදියි.
තරුණ සේවා සභාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ කැෂුවලයින් යන කණ්ඩායම් 5 සුපර් ලීග් කාන්තා අංශය යටතේ තරග වදියි.
මෙම තරගාවලියට සමගාමීව පැවැති අභියෝග ශූරතා අංශයේ මූලික වටයේ තරග මේ වන විටත් අවසන්ව ඇති අතර, මෙම කාණ්ඩ දෙකේ සියලුම අවසන් තරග ඔක්තෝබර් 15දා සිට මහරගම ජාතික තරුණසේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

(ප්‍රභාත්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.